උණුසුම් පුවත්
Search
train

දුම්රිය ගාස්තුත් ඉහළට

185

රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙසේද කීය.

“මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ උදාහරණයක් රජය මඟින් රටේ ජනතාවට ලබාදෙන සේවය පිළිබඳව පෙන්නුම් කිරීමට. මේවන විට බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තු ලෙස අපි අයකරන්නේ. එම නිසා අපේ වියදම ඩීසල් මිල වැඩිවීමත් සමග විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතා අඩු මුදලකට තමයි මගීන් ප්‍රවාහනය කරන්නේ. එම නිසා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයේ යම් ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දෙපාර්තමේන්තුව අවසර ලබාදෙයි කියලා.“




Leave a Reply

Your email address will not be published.