උණුසුම් පුවත්
Search
oder river

ඕඩර් ගංගාවේ මසුන්ට දිවි අහමි කළ ඛේදවාඡාකය

57

ජර්මනිය සහ පෝලන්තය හරහා ගලා බසින ඕඩර් ගංගාව ආශ්‍රිතව අති විශාල මසුන් මිය යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය මාසය අවසානයේ සිට මේ දක්වා කාලය තුළ දී මෙම ගගාවේ ඉවුරු දෙපස මිය ගිය මසුන් දහස් ගණන් නිරීක්ෂණය වී ඇතැයි එම වාර්තා වල සටහත්ව තිබේ.

ජලය වෙත මිශ්‍ර වූ යම් විෂ ද්‍රව්‍යයක් මෙම මරණ වලට හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

image 365

ඒ අනුව ගංගාව දෙපසින් අත්ව සිටින ලෙස ජනතාව වෙත ද දැනුම් දී ඇත.

මේ අතර අදාළ සිදුවීම මේ වන විට මහිය සහ පෝලන්තය තුළ දී දරුණු දේශපාලන මතත්වයක් දක්වාද පත්ව ඇතැයි සඳහන් වෙයි.

එසේම දෙරටේම පාරිසරික ක්‍රියාකාරිකයන් තත්වය පාලනය කරගැනීම සදහා බලධාරින් අපොහොසත්වීම සම්බන්ධයෙන් චෝදනා කර සිටියි.

image 366

එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය මෙය පාරිසරික විනාශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද සදහන් වෙයි.

එසේම පෝලන්ත අගමැතිවරයා මෙම සිදුවීම පාලනය සඳහා ක්‍රියානොකිරීම සම්බන්ධයෙන් සිය පාරිසරික බලධාරීන් දෙදෙනකු ධුර වලින් නෙරපා හැර තිබේ.

වාර්තා වලට අනුව මෙම ඕඩර ගංගාව යළිත් ප්‍රකෘතිමත් කරවීම සදහා වසර කිහිපයක්ම ගත වනු ඇතැයි විශ්වාසය වී ඇත.

image 367



Leave a Reply

Your email address will not be published.