අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ දේව මෙහෙයක් අද (24) රාත්‍රී පැවැත්වෙන බවට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ එහි වැඩසටහනක දී නිවේදනය කළ විනූ සිරිවර්ධන නමැති නිවේදිකාව අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ නාමය දෝෂ සහගතව උච්චාරණය කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබෙනවා.
අද (24) උදෑසන11.53ට පමණ මෙම නිවේදනය ප්‍රචාරය වූ අතර ඇය සිය ගීත ඉදිරිපත් කරන වැඩසටහන අතරතුර පණිවිඩය සඳහන් දුරකථන තිරය අපහසුවෙන් කියවමින් මෙම වැරදි උච්චාරණය සිදු කළාය.
එහිදී ඇය මෙසේ කීවාය.
“ඔබට ආරාධනා කරනවා අද රාත්‍රියේ දී සජීවීව එකතුවෙන්නට හැකියාවක් තියනවා නත්තල් දේව මෙහෙයක් සමගින්.
අගර දඟර වූ අතිඋතුම් මැල්කම් රජ්.. අ..අතිගුරු.. අතිඋතුම් මැල්කම්..රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්“ ලෙසයි.
මෙම දෝෂය සම්බන්ධ එම මොහොතේ ඇය සමාව භජනය නොකළ නමුත් දෙතුන් වර කියවා අවසානයේ අගරදගුරු වචනය නොමැතිව දේවගැතිතුමන්ගේ නම නිවැරදිව උච්චාරණය කර දෝෂය සැකසුවාය.
ටෙලිනාට්‍ය නිළියක ද වන විනූ සිරිවර්ධන දිගු කලක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ ගීත ඉල්ලීම් වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින්නියකි.