උණුසුම් පුවත්
Search
holiday

”හෙට බැංකු නිවාඩුවක් විතරයි” – නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

137

හෙට (10) දින බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද එම නිවාඩුව රජයේ පාසල් සහ අනෙකුත් ආයතන වලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පාසල් සහ රජයේ ආයතන හෙට දිනයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සඳහන් කළේ.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (09) යෙදී ඇති බැවින් හෙට (10) දිනයේ බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ අතර හෙට දිනයේ කොළඹ කොටස් වෙළඳපල ද වසා තැබෙනු ඇති බව සඳහන්.