උණුසුම් පුවත්
Search
doctors

”හෙට පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර අතහැර දිගටම රජයේ රෝහල් වල” – විශේෂඥ වෛද්‍ය සංගමය දන්වයි

113

අද (08) සිකුරාදා සෞඛ්‍ය වෘත්තිකයන්ට ඉන්ධන ලබාදීම රජය නතර කළේ සෞඛ්‍ය සේවා අඩාල කර 09 වනදා අරගලය කඩාකප්පල් කිරීමට එයින් වාසියක් ලබාගැනීමට බවට චෝදනා පවතින අතර විශේෂඥ වෛද්‍යවරුන් රජයේ එකී උපාය මගහරවන්නට තීරණයක් ගෙන ඇත.

ඒ අනුව 2022 ජුලි 09 වැනි දින රජයේ රෝහල්වල සේවා පවත්වාගෙන යන බවත් ඒ අතරවාරයේදී පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර වලින් වැළකී සිටින බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) තීරණය කර දන්වා ඇත.

කෙසේ වෙතත්, AMS සාමාජිකයින් හදිසි අනතුරු සහ වෙනත් ශල්‍ය හා වෛද්‍ය හදිසි අවස්ථා වැනි සැබෑ හදිසි අවස්ථා සඳහා මෙන්ම පුද්ගලික අංශයේ දැනටමත් ඇතුළත් කර ඇති රෝගීන් සඳහා අභ්‍යන්තර සත්කාර සඳහා සහභාගී වනු ඇතැයි ද දන්වා ඇත.

මෙම තීරණය සර්ව පාක්ෂික පාලනයකට මග පාදමින් වත්මන් පාලනයට ඉවත් වන ලෙස බලපෑම් කිරීම සඳහා දීප ව්‍යාප්ත සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට සහාය දැක්වීමට AMS විසින් කලින් ගත් තීරණයට අනුකූල බවද දැක්වේ.

පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සාමාන්‍ය ජනතාවට මෙම ක්‍රියාවන් නිසා ඇති වූ අපහසුතාවය ගැන AMS කනගාටුව පළ කරයි.

ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් හිඟය විසින් නිර්මාණය කරන ලද සීමාවන් නොතකා සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශේෂඥයින් සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් කැපවී සිටින රජයේ රෝහල්වලට පැමිණෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවද ඔවුන් දන්වා ඇත.

එම නිවේදනය පහතින්.

image 116



Leave a Reply

Your email address will not be published.