උණුසුම් පුවත්
Search
Untitled design 18

” ඇත්තම කතාව කිව්වොත් මම ක්ෂේත්‍රයට සක්‍රීයව අංශ පහකින් වැඩ කරනවා ” – අනුරාධා උදයංගනී

303

මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අපූරු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අනුරාධා උදයංගනී කියලා කියන්නේ. ටෙලි නාට්‍ය තුළ පමණක් නොව සිනමා ක්ෂේත්‍රයෙත් සිනමා නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ඇයව අපට කාලයක් රංගන ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණේ නැහැ.

29543142 1692011177546358 8943503712298120835 n

අනුරාධා උදයංගනී කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටියා. එහෙත් පසු කලෙක ඇය අපට නිතර දකින්නට නැතුව ගියා. ඉතින් ඈ නම් පවසන්නේ ඇගේ හේතුවක් මත කලාවෙන් ඈත් වුණේ වත් නිහඩ වුනේ වත් නෑ කියලයි. ඇය රංගන ක්ෂේත්‍රයට පා තබන්නේ පාසලෙන් අයින් වුන ගමන්මයි. මේ වන විට අවුරුදු විස්සකටත් එහා ගිය රංගන ඉතිහාසයකට හිමිකම් කියන ඇය ඇත්තෙන්ම විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනියක් වනවා. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව අප නොදත් බොහෝ දේ පිළිබඳව කියා සිටියෙ මේ විදිහට.

46734311 705891933146190 902764819533266944 n

” මම 1999 අවුරුද්දේ මේ ක්ෂේත්‍රයට එද්දි පාසලින් අයින් වුණා විතරක් වන සාමාන්‍ය කෙනෙක්. මම ක්ෂේත්‍රය පිළිබඳ කිසිම දැනුමක් නැතුව පුවත්පත් මඟින් මගේ ඡායාරූප දැකලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් ආපු ගමනක් මේක. ඇත්ත කතාව නම් ඒ කාලේ මේ දැන් වගේ රංගන පාසල් හෝ හදාරන්න පුහුණු පාඨමාලා වැනි දේ තිබුණෙත් නෑ ක්ෂේත්‍රය තුළ වැඩ කිරීමෙන් ප්‍රවීණයන්ගේ ඇසුරින් ඇසුරින් ලැබුණු දේවල් වලින් තමයි මම මුලින්ම බොහෝ දේ ඉගෙන ගත්තේ. මුල් අවුරුදු කිහිපය තුළ අත්දැකීම් ලබමින් මේ සියලු දේවල් මම ඉගෙන ගත්තා ඕනම රංගන ශිල්පිනියකට ක්ෂේත්‍රය හොඳ තෝතැන්නක් කියලා මම හිතනවා. රංගනය කියන දේ කවදාවත් අකුරු ලියලා පොතක පතක දැනුමෙන් පමණක් ලබාගෙන ලබා ගෙන අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ප්‍රායෝගික විෂයයක්.

ui6

බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණා කිහිපයක් තිබෙනවා. මම රංගන ශිල්පිනියක් වගේම රුපලාවණ්‍ය ශිල්පිනියක්ද වෙනවා ඇත්තම කතාව කිව්වොත් මම ක්ෂේත්‍රයට සක්‍රීයව අංශ පහකින් වැඩ කරනවා. රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක්. රූපලාවණ්‍ය ශිල්පිනියක්. රූපවාහිනී නිවේදිකාවක් හා ගායිකාවක් වශයෙනුත් මම කටයුතු කරනවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ui4