උණුසුම් පුවත්
Search
RANIL 1 1

TNA, වෙල්ගම සහ රතන හිමි ජනපති හමුවෙයි

32

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් පිරිසක් අද (03) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි.

එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලනාදන් සහ එස්. රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් එහිදී ඔවුන් දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එසේම කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් ”නව ලංකා නිදහස් පක්ෂය” සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු ”විජය ධරණි ජාතික සභාව” ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ (02) ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටය යි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටි බව සඳහන් වනවා.




Leave a Reply

Your email address will not be published.