උණුසුම් පුවත්
Search
tibet

චීනයට එරෙහිව ටිබෙටය ”ලෝක පරිසර දිනය” සමරයි

299

චීනයෙන් ටිබෙටයට සිදුවන පාරිසරික හානි ඉස්මතු කරමින් මෙවර ලෝක පරිසර දිනය සැමරීමට ටිබෙට් කාන්තා සංගමය පියවර ගෙන තිබුණා.

ජුනි 06 වැනිදාට යෙදී තිබුණු ලෝක පරිසර දිනය නිමිත්තෙනුයි මෙය සිදු කෙරුණේ.

එහිදී එම සංගමය ටිබෙටයේ මැක්ලියෝඩ් ගන්ජ් හිදී ඡායාරූප ප්‍රදර්ශනයක් ද ධරම්ශාලාහි දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වනු ලැබුවා.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ දී චීනය නිසා ටිබෙටයට සිදුව ඇති පරිසර හානි දැක්වෙන ඡායාරූප කිහිපයක්ද ප්‍රද්ශනයට තබා තිබූ අතර මේ සම්බන්ධව ටිබෙට් කාන්තා සංගමයේ සම ලේකම් ලැමෝ පැවසූවේ චීනය සිදුකරන පරිසර හානිය පෘථිවියට යහපත් දෙයක් නොවන බවයි.

image 6

”ඒ බව ඔවුන් යම් දිනෙක අවබෝධ කරගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා” ලෙසද ඇය සඳහන් කර සිටියා.

image 7



Leave a Reply

Your email address will not be published. Required fields are marked *