ජනාධිපති වුණාට පසු තමන් සජිත්ට සහ අනුරට තමන් සමඟ එක්ව ගමනක් යන්නට, මේ රටේ ජනතාවට උදව් කරන්නට කතා කළ බවත් ඔවුන් එය මඟහැරිය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (08) පැවති ”කාන්තා අපේ බලය” කාන්තා හමුවට එක්වෙමිනුයි.
”මට උදව් කළේ කාන්තාවන් තුන් දෙනෙක්... නිර්මලා සීතාරමන්, ජැනට් යෙලන්, ක්‍රිස්ටලීනා ජෝර්ජවියා… මේ දේශප්‍රේමී මේ දුක ගැන කතා කරනවා. තමන් දන්නවලු දුක. දුවලා පැනලා ගියා… මේ පිටරට ඉන්න කාන්තාවෝ තුන්දෙනෙක් මට උදව් කළේ…..”
”මට පොහොර නැති වෙද්දී මං තවත් කාන්තාවකට කතා කළා. අමෙරිකාවේ සමන්තා පවර්. විස්ස විසිදෙකේ විසිතුනට එතුමියයි ලෝක බැංකුවයි දුන්න ආධාර වලින් තමයි අපි පොහොර ගත්තේ. ඒ පොහොර ගත්ත නිසා, හොඳ යල කන්නනයක් තිබුණා.” ඒ යල කන්න තිබුණ නිසා ආර්ථිකය ඉහළ ගිය බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
”අපි එහෙනම් කාන්තාවන්ට ස්තූතිවන්ත වෙන්න තියෙනවා. ඒත් ඒ එක්කම මේ කරන ගමන් කාන්තාවෝ අමතක කළේ නෑ… කාන්තාවන් බල ගැන්වීමේ පනත අපි අනුමත කරලා තියෙනවා. ඔබ රටේ බහුතරය…. අපිට ඕනේ හොඳ රටක්. අපි හැම කෙනාටම… අපි එකතු වෙමු. නිර්පාක්ෂිකව බඩගින්න නැති කරමු. රට දියුණු කරමු. හොඳ අනාගතයක් ඇති කරමු.” යනුවෙනුයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.