උණුසුම් පුවත්
Search
roberry

යට ඇඳුම් අස්සේ සඟවා 50,000ක් වටින කිරිපිටි පන්නලා

39

අලුත්ගම, දර්ගා නගරයේ මිනි සුපිරි වෙළඳසලකින් රුපියල් 50,000කට ආසන්න වටිනාකමින් යුත් කිරිපිටි ටින් 18ක් යට ඇඳුම තුළ සඟවා සොරකම් කළ බව කියන කාන්තාවන් තිදෙනකුගේ කල්ලියේ එක් සැකකාර කාන්තාවක දෙවන වරටත් එම වෙළඳසලට ඉකුත් දින රාත්‍රියේ පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 51 හැවිරිදි මෙම සැකකාර කාන්තාව පානදුර, මහබෙල්ලන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව සම වයසේ තවත් කාන්තාවන් දෙදෙනකු සමග ඉකුත් මාසයේ 22 වන දින දර්ගා නගරයේ මෙම වෙළෙඳසලට පැමිණ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් කිරිපිටි ටින් තොගය සම සමව සොරකම් කර ඔවුන් ඇඳ සිටි ඇඳුම් වලට යටින් රහසිගතව ඇඳ සිටි විශාල ප්‍රමාණයේ සාක්කු සහිත යට කලිසම් වල සගවා හොර රහසේ රැගෙන ගොස් ඇති බව එම වෙළෙඳසලේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙන බව කළ විමර්ශන වලින් හඳුනා ගත් බව පොලීසිය කියයි.

සිදු කළ සොරකම සම්බන්ධයෙන් එම වෙළෙඳ ආයතනය අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔන්සේ විමර්ශන ආරම්භ කර තිබියදී නැවතත් එම වෙළඳසලට පැමිණි සැකකාර කාන්තාව වෙළඳසල් සේවිකාවන් විසින් හඳුනාගෙන අලුත්ම පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව පැමිණි නිලධාරීහු කණ්ඩායමක් එම සැකකාරිය එම වෙළඳසල තුළදී දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරිය සම්බන්ධයෙන් පොලිස් කාන්තා නිලධාරිනියන් ලවා පරික්ෂා කිරීමේදී හොර සාක්කු සහිත යට ඇඳුමක් එදින ද ඇඳ පානදුර ප්‍රදේශයේ සිට දර්ගා නගරයේ මෙම වෙළෙඳසලට පැමිණ තිබෙන බව පොලිසිය කියයි.

තවත් කාන්තාවන් දෙදෙනකු සමග ඉකුත් මස 22 වන දින සිදුකළ කිරිපිටි ටින් සොරා ගැනීමේ ආරක්ෂක කැමරා දර්ශන වල සිටින්නේ මෙම කාන්තාව බවත් සෙසු දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලීසිය කියයි.

තවත් ප්‍රදේශ වල මෙවැනි වෙළඳසල මෙම කාන්තාවන් තිදෙනා සොරකම් සිදුකර තිබේදැයි යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තුසිත කුමාර ද සිල්වා




Leave a Reply

Your email address will not be published.