ජනාධිපති ධුරය සඳහා වන නාම යෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා.
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පැවසුවා.
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් පවසනු ලැබුවා.
ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියා.
මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කරනු ලැබුවා.
ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක ගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් පැවසූ අතර හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කරනු ලැබුවා.