උණුසුම් පුවත්
Search
CTB

ලංගමේ මුදල් ගෙන ටිකට් නොදුන් කොන්දොස්තරවරු තිදෙනෙකුට වැඩ තහනම් වන ලකුණු

104

මගීන්ගෙන් මුදල් ලබාගෙන ප්‍රවේශපත් නිකුත් නොකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහත්වරු තිදෙනකුගේ සේවය අත්හිටුවීමට නියමිත බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.

මොනරාගල සිට මාකුඹුර සහ ගාල්ල සිට කඩවත දක්වා අධිවේගී මාර්ගයේ බස් රථ 02ක සහ තංගල්ල සිට ඇඹිලිපිටිය දක්වා සාමාන්‍ය සේවා බස් රථයක කොන්දෝසතර මහත්වරු තිදෙනකුට මෙලෙස මුදල් ලබාගෙන ප්‍රවේශපත් නිකුත් නොකළ බවට චෝදනා එල්ල වී ඇති බවත් ජංගම පරීක්‍ෂණ නිලධාරීන් කළ විශේෂ වැටලීමක දී එම කොන්දොස්තර මහත්වරු හදුනාගත් බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මොනරාගල සිට මාකුඹුර දක්වා බස් රථයේ රුපියල් 2,190ක ප්‍රවේශපතක්, ගාල්ල සිට කඩවත දක්වා බස් රථයේ රුපියල් 1,190ක් වටිනා ප්‍රවේශපත් 09ක් සහ තංගල්ල සිට ඇඹිලිපිටිය දක්වා බස් රථයේ ප්‍රවේශපත් 5ක් සඳහා මුදල් ලබාගෙන ප්‍රවේශපත් දී නොමැති යැයි මෙහෙයුමේ දී සොයගත හැකි වූ බව කී එම නිලධාරියා අදාල බස් රථ වල කොන්දොස්තර මහතුන් පිළිබඳව නීතිමය කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන ජංගම පරීක්‍ෂක වොෂින්ටන් රාජපක්‍ෂ ප්‍රමුඛ කණ්ඩායමක් මෙම මෙහෙයමු ක්‍රියාත්මක කළේය.

යොහාන් භාසුර

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.