ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විවිධාකාරයට තර්ජන කර ඇති හෙයින් තමාගේත් පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) ඉල්ලීමක් කළේය.
ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හරි බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු නැති බවත් අමාත්‍යවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
”මා තනතුරු වලින් වැජඹෙන කෙනකු නොවෙයි. රටේ පුරවැසියන් අතර මහජනතාවට වගකියන පළමුවැනි 30 දෙනා අතර ඉන්න කෙනෙක්. මීට දින කිහිපයකට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඇමැති කියන කියන තැනකට එන්නම් නැත්නම් එයාව වෙන තැනකට ගෙනියනවා කියලා කියනවා. සුදත් චන්ද්‍රසේකර පත්කරපු මිනිහා…..
ක්‍රිකට් ආයතනය ඔහු අල්ලා ගත්තා. තවත් පටිගත කිරීමක් තියෙනවා, ඕකට මම ගහලා දානවා කියලා. මේ ප්‍රකාශ දෙක තුළ මගේ පවුලේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා. මේක රටක් දැකලා තියෙනවා…. මම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්න කියලා මා කතානායකතුමාගෙන් ඉල්ලනවා.
දූෂණයට විරුද්ධ විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ රටේ කුඩු මාෆියාවට වඩා මේක බලවත්. මේ අය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා නැහැ. රජයේ නිලධාරීන් ප්‍රසම්පාදනය අනුගමනය නොකළොත් මොකද වෙන්නේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව අරගෙන නෑ. තෙල් දීමනාව අරගෙන නෑ. විදේශ ගමන්වල දී ටිකට්පත හෝ කිසිම වියදමක් අරගෙන නැහැ” යැයි ද අමාත්‍යවරයා කීවේය.
සුජිත් හේවාජුලිගේ