සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නෙ මේ දවස් වල සමාජ මාධ්‍ය ජාලා තුළ කා අතරත් කතාබහට ලක්වන ආදරණීය පෙම් යුවලක්. සංගීත්ගේ ම youtube චැනලයක් වන සංගීත් ව්ලොග් හරහා නිරන්තරයෙන්ම රසික හමුවට එන ඔවුන් ඒ හරහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ ආදරයට සහ ආකර්ශනයට නතු වනවා. දිනිති වල්ගමගේ කියලා කියන්නේ වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවක්. එම වෘත්තියට අමතරව රංගන කටයුතු සඳහාත් සිය උපරිම දායකත්වය ලබා දෙන ඇය කියන්නට තිබෙන දේ සෘජුවම ප්‍රකාශ කරන කාන්තාවක් ද වනවා. ඒ නිසාම ඇය සමාජයේ නිරන්තර කතා බහට ලක්වන චරිතයක් වී තිබෙනවා.

ඉතින් සංගීත් සතරසිංහ ගැන නම් අමුතුවෙන් කියන්නට වුවමනාවක් නැහැනේ. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම පිටපත් රචකයෙක් වන සුරං සතරසිංහ ගෙ ආදරණීය එකම පුතා වනවා. සංගීත් පළමුවරට උදාරි කෞශල්‍යා නම් සුරූපී රංගන ශිල්පිනියත් සමඟ විවාහ දිවියට එළැඹි අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටලු නිසා එම විවාහයෙන් වෙන් වීමට ඔවුන් තීරණය කරනවා. ඉතින් මේ වන විට උදාරිත් පෙම්වතියක් කියලා තමයි අපට ආරංචි වන්නේ. සංගීත් සහ දිනිති වල්ගමගේත් මේ වන විට පෙම්වතුන් නිසා ඔවුන් යූටියුබ් මාධ්‍යයේ upload කරන විවිධ වීඩියෝස් වලට නොයෙක් ආකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. ඉතිං පසුගිය දිනක දී ඔවුන්ට රසිකයෙක් ගෙන් ලැබුණු ටිකක් දරුණු ආකාරයේ කමෙන්ට් එකක් ගැන සංගීත් කියලා තිබුණා. ඒ මේ විදිහට.

“අපි ඔයාලගේ comment වලට් reply නොකළාට අපි ඒ හැම comment එකක්ම කියවනවා. youtube නම් අපිට හැමෝම ආදරෙයි. අපි ට bad Comment ඇවිත් නෑ. පිටත facebook වලින්, photos වලින්, Storys වලින් අරන් දාලා තියෙනවා. කෙනෙක්ට ඒවා වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒවා ඇතුළේ comment කරන අය අපරාධයක් කරගන්නෙ. කාලය නාස්ති කරගැනීමක්. මම දැක්කා ඒක අපේ එක්තරා වීඩියෝ එකක ෆොටෝ එකක් අරන් පේජ් එකක ගහලා තියෙනවා. මට යාලුවෙක් ඒක එවලා තිබුණා. මනුස්සයෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එහෙම වචනෙන් අපිට කියන්න බෑ.

ඒ මහත්මයා ඉන්නෙ තමන්ගේ wife සහ තමන්ගේ දරුවා අතේ තියාගෙන. Active account එකක්. හෙන දරුණුයි ඒ වචන. අපි එයාව පෞද්ගලිකව අඳුනන් නෑ. Public එහෙම දාද්දි, තමන් දැනගන්න ඕනි මේක අනිත් අය දකිනවා. එයා මට පෞද්ගලිකව කිව්වනම් මට ප්‍රශ්නයකුත් නෑ. තමන් හැමවෙලාවෙම දෙයක් කරන්න කලින් කල්පනා කරන්න. තමන්ගේ මූණ, නම යන්නෙ. අවසානයේ පවුලේ මිනිසුන්ගේ හම යන්නෙ “
ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කර ප්‍රාර්ථනා කරනවා.
