බිල්පත් හිඟ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් ජනවාරි මස 01 වැනිදා සිට විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 7500ක හිඟ මණ්ඩලයට අයවීමට ඇති බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.
මෙම හිඟ මුදල රුපියල් මිලියන 5500ක් ගෘහස්ථ ජල පාරිභෝගිකයින් ද, රුපියල් මිලියන 1000ක් රාජ්‍ය ආයතන වලින් ද තවත් රුපියල් මිලියන 1000ක් ව්‍යාපාර/සමාගම්/හෝටල් ආශ්‍රිතව ද අයවීමට තිබෙන බව ද හෙතෙම කීය.
2023 හිඟ මුදල් අය කර ගැනීමේ වසර ලෙස නම් කර ඇති බවත් ගෙවීම් පැහැර හරින ජල පාරිභෝගිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මණ්ඩලය තීරණය කර ඇත.
මාස කීපයක් බිල්පත් නොගෙවූ රාජ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ ලිපි ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත් ලිපි ගොනු ලැබුණු වහාම නඩු පැවැරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.
බස්නාහිර පළාතේ ජල පාරිභෝගිකයෝ වැඩි පිරිසක් මාසික බිල්පත් ගෙවීම් ප්‍රමාද කර ඇති බව කී එම ප්‍රකාශකයා ජනවාරි මස 01 වැනිදා සිට ජල සැපයුම් විසන්ධි කිරීම දිස්ත්‍රික් මටිටමින් සිදු කෙරෙන බවත් කීවේය.
මාස 03 ක් හෝ ඊට වැඩි කාලයක් බිල්පත් ගෙවීම් පැහැර ඇති පාරිභෝගිකයන්ගේ සැපයුම් විසන්ධි කිරීමට අදාළ ලේඛන දිස්ත්‍රික් කාර්යාල වලට ලබාදී තිබෙන බව ද හෙතෙම පැවැසීය.
මාතලේ – නිමල් ගුණතිලක
Source – Divaina