උණුසුම් පුවත්
Search
madhumadhawa

”මගේ පළවෙනි කසාදේ කැඩුවේ මේ මනුස්සයා” – මෙරට ප්‍රවීණ ගායකයෙකුට මධුමාධවගෙන් චෝදනාවක්

13617

කලා ලෝකය තුළ නිතරම ඇහෙන්න තියෙන නමක් තමයි මධුමාධව අරවින්ද කියන නම. ඔහු විසින් ගායනා කරපු යුගයක් එකලු කරපු ඒ ගීත සමුදායට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ නිසාම තමයි මධුමාධව කියන චරිතය මේ තරම් තරම්ම ජනතාව අතර ප්‍රසිද්ධ. ඒ වගේම පසුකාලීනව දේශපාලන වේදිකාවට නැගි ඔහු යළිත් වතාවක් ජනතාව අතර ප්‍රකට වෙනවා. ඒ වගේම අපි කොයි කවුරුත් හඳුනන, බොහෝ දෙනාගේ ආදරය දිනූ ධනංජය සිරිවර්ධන කියන කලාකරුවාගේ සහෝදරයා තමයි මේ මධුමාධව කියන්නේ.

කෙසේ නමුත් පසුගිය කාල සීමාවේදී දේශපාලනය නිසා ඇති වූ හිත් කළකිරීම් නිසා ඔහු දේශපාලන භූමිකාවට සමුදුන්නා.

image 223

තෙවෙනි වරටත් විවාහ ජීවිතයට ඇතුළත් වුණ මධුමාධව අද වෙද්දී ආදරණීය බිරිඳත් එක්ක එකතු වෙලා අසරණ ජනතාව වෙනුවෙන් පින් අතේ වැඩ කරන්නත් අමතක කරන්නේ නැහැ.

image 224

ඉතින් මේ විදිහට කාලය ගත කරද්දි ඔහු පසුගිය දවසක එක්තරා විනෝදාත්මක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණා. එම අවස්ථාවේ සිද්ධ වෙච්ච රසබර සිදුවීමක් පිළිබඳව තමයි මේ කියන්න යන්නේ. එතන මේ වැඩසටහන තුළදී තුළ ද ඒ අනූව දශකයේ අති දක්ෂ ගායකයෙක් වන කුමාරසිරි පතිරණ මහත්මයා “නිල්මිණි දෑසින් මා දෙස බලන විට” යන ගීතය ගායනා කළා…. ඉතින් ඒ ගීතය ගායනා කළාට පස්සේ මධුමාධව ඔහුට කිව්වේ මේ වගේ කතාවක්.

image 225

“ඕක තමයි මගේ කසාද කඩපු සින්දුව. ඇත්තටම මගේ පළවෙනි විවාහය නැති වූනේ මේ මනුස්සයා නිසා. (සිනාසෙමින්) ඉතින් මම මොන කසාද බැන්දත් මේ මනුස්සයා නිල්මිණි දෑසෙන් හන්දි හන්දි ගානේ බලාගෙන ඉන්නවා කිව්වහම හරි යයිද මේවා…. හරි නම් නඩු දාන්න ඕනි වැඩ.”

image 226

ඉතින් මේ අවස්ථාවේදී ඒ ගීතයේ නිල්මිණි දෑසින් කියන කවි පද පේළිය නිසා තමයි ඔහු මේ විදිහට සදහනක් සඳහන් කළේ.. මොකද ඔහු පළමු වරට විවාහ වෙන්නේ රටම දන්නා රංගන ශිල්පිනියක් වූ නිල්මිණි තෙන්නකෝන් සමඟයි. මේ අවස්ථාවේ මධුමාධව මේ දේ සඳහන් කළේ හාස්‍යඋත්පාදක ප්‍රකාශයක් විදිහටයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් බොහොම සතුටෙන් අදහස් ඉදිරිපත් කරල තිබුණා.

කොහොම නමුත් නිල්මිණි නම් මේ වන විට සිය එකම දියණිය ස්වේතා සමඟයි දිවි ගෙවන්නේ.

image 227