උණුසුම් පුවත්
Search
imf

”මේ අන්තිම අවස්ථාවයි.. එකගතා යළිත් කඩ කළොත් අපේ සහායක් නෑ” – IMF ලංකාවට දන්වයි

60

18 වන වතාවට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් බිඳ වැටුණොත් නැවත ක්‍රියාත්මක නොකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා.

තමන්ට එම අරමුදලේ නියෝජිතයන් මේ බව දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

“අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා….. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා….”