උණුසුම් පුවත්
Search
nathasha

“මම මගේ ඩිවෝස් එක ගැන කතා කරන පළවැනි වතාව මේක” – නතාෂා පෙරේරා හෙළි කළ ඇත්ත මෙන්න

4538

අපේ රටේ නමක් දිනු දක්ෂ නිළියක්, ගායිකාවක් ලෙස රසික සිත් දිනාගත්ත නාතාශා පෙරේරා “සුළඟක් වී මං යනවා” කියන එකම එක ගීතයෙන් ඉතා කුඩා අවදියේම රසික සිත් සතන් හි අමතක නොවන චරිතයක් වුණා.

අනතුරුව ඇය විවාහ දිවියට පිවිසෙන්නේ, ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමඟිනු යි.

නතාශා ගැන විවිධ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නමුත් මෑතක ඇගේ විවාහය ගැනත් යම් යම් ආන්දෝලනාත්මක පුවත් සැරිසරන්නට වුණා.

image 209

ඉතින් නතාශා යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් මේ පැතිර යන කතන්දර ගැන මේ විදිහට අනාවරණයක් කළා…..

image 210

“මම ප්‍රවෘත්ති මවන් නෑ, මැවෙනවා.. මේ දවස්වල යන හොඳම දේ මගේ දික්කසාදය ගැන. මම මගේ ඩිවෝස් ගැන කතා කරන පළවැනි වතාව මේක.. ප්‍රථම වතාව කියන්නෙ ඒ දේ සිද්ධ වුණා කියන එක නෙවෙයි, ඒ මැවෙන ප්‍රවෘත්ති ගැනයි කතා කරන්නේ…. අපි කියනවනේ ගින්නක් නැතුව දුමක් නඟින් නෑ කියලා. මම කියන්නම් ගින්න නඟින්න හේතුව…”

image 208

“මම අවුරුදු 8ක් විවාහ වෙලා.. විවාහ වෙච්ච දවසේ ඉඳලා ප්‍රිහාන් කිව්වේ වෙන ආදරවන්තයින් වගේ, අපි හැමදාම එකට වැඩ කරන්න ඕනි නෑ, අපිව හැමවෙලේම එකට දකින්න ඕනි නෑ කියලා. ඉතින් ඔයා ඔයාගේ ගමන යන්න, මාත් මගේ ගමන යන්නම් කියලා. දැන් ඕක මුල්කාලේ දී කිව්වම හරියට දුක හිතුණා. අඬලා තියෙනවා, රංඩු වෙලා තියෙනවා. ඇයි කිව්වොත්… මම විවාහ වුණු ස්වාමිපුරුෂයා එහෙම කියද්දි දුකක් නෙවෙයිද? ගීතයක් නිසානේ අපි හම්බුණේ. මේක මට දරාගන්න ටිකක් අමාරුවුණු තැනක්..”

image 206

“ඔහුගේ අදහස් මගේ අදහස් එක්ක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒකනේ හැටි… සීයට සීයක් ගැළපෙන් නෑනේ… අපි දෙන්නගෙත් එහෙමයි… අවබෝධය ලබන්න ගොඩක් කල් ගියා.. මම මුලින් හිතුවා මගේ අඩුපාඩුවක් ද කියලා. මේ වෙද්දි මට හිතෙනවා, ඒ කියපු දේ ඇත්ත.. දැන් ඔය හේතුවත් එක්ක මගේ සමාජ මාධ්‍යවලටත් ෆොටෝ දාන්නේ තනියම. මගේ ජීවිතේ ලස්සනට මම ගත කරනවා. ඒවා ඔස්සෙ තමා දුම, ගින්න නඟින්න ඇත්තේ…”

image 207