උණුසුම් පුවත්
Search
shshika

”මේ තමයි මම ලබපු 23 වෙනි සම්මානේ” – ශෂිකා නිසංසලා

924

ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ කවුරුත් අතර කතා බහට ලක් කල ඒ දක්ෂ ගායිකාව තමයි ශෂිකා නිසංසලා කියන්නේ. ඇගේ මියුරු හඩට මීට වසර ගණනාවක සිටම ප්‍රේක්ෂකයන් බෙහෙවින් ආදරය කරනවා. ඒ වගේම ශෂිකා නිසංසලා වැනි ගායිකාවන් අලුතින් ක්ශේෂ්ත්‍රයට ගායිකාවක් කොතෙකුත් බිහි වුණත් ඔවුන්ගේ නාමයන්ට ප්‍රේක්ෂක හදවත් හී රැදුණු තැනනම් අඩුවක් වෙන්නෙ නෑ.

image 106

ඉතින් ඇය ගායනා කරන ගීත අතර නිසංසල සදක්, පාරමිතා නොපුරමු අප දෙදෙනා, තොල් පෙති විතරක්, සදේ කැළුම් සිනා සේ, හුස්මක් දුරින් ඉන්න වැනි ගීත ගණනාවක්ම ගායනා කල ඒ දක්ෂ ගායිකාවට සහ ඇගේ හඩට ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්නට පුලුවන්.

image 103

ඒ වගේම ශෂිකා නිසංසලා ආදරණීය ගායිකාව වේදිකාට නැතුවම බැරි කෙනෙක්. හරිම ලාලිත්‍යකට අනුව ගායනා කරන ඇයට පසුගිය දා සුමති සම්මාන උළෙලේ සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණා. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 104

”මගේ ගායන ජීවිතේට අවුරුදු 23 යි…. මේ පාර සුමති සම්මාන උළෙලේ මට සම්මානයක් ලැබුනා. ඒකත් එක්ක දැන් මට සම්මාන 23ක් තියෙනවා. මේ පාරත් ලැබුණේ වසරේ හොදම ගායිකාවකට හිමි සම්මානය. සුමති සම්මාන උළෙලේ මට සම්මාන තුනක් ලැබිලා තියෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ ඇගයීමක් මගේ ජීවිතේට ලැබුණු එක.”

image 105