රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින රටම දන්නා ගායන ශිල්පියෙක්. ”සිතට හොරා මන් ඔබේ වෙලා දැන්” කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා. ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.

ඉතිං ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනකදී රහල් අල්විස්, සෙව්වන්දි සමග යුග දිවියට එළඹුණා. ඉතින් ඒ සඳහා කලා ලොවේ බොහෝ කලාකරුවන් සහභාගි වී සිටි බව අපට දැකබලා ගන්නට පුලුවන් වුණා. ඉතින් එහිදී රහල් අල්විස් තම විවාහය පිළිබඳව අදහස් දක්වල තිබුනෙ මේ විදියට.

”ඇත්තටම මම හදිසියේම වගේ තමයි විවාහ වුණේ…. මට මෙයාව හම්බ වෙන්නේ proposal එකකින්. මගේ අම්මා තමයි මෙයාව හොයලා දෙන්නේ. අපි දෙන්නා හඳුනා ගෙන මාස 04ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම හිතුවා අපි දැන් නම් මැරි කරන්න ඕන කියලා…. ඉතින් අපි දෙන්න මැරී කලා. ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියක් ද වනවා.“

ඒ වගේම ඔහු ගැන බිරිඳ අදහස් දක්වල තිබුන මේ විදියට.
”මම ඇත්තටම මුලදී මෙයා ගැන දැනගෙන හිටියේ නැහැ. ටිකක් කල් ගියාට පස්සෙ තමයි දැනගත්තෙ. ඉතින් ඊට පස්සේ තමයි මම කිව්වේ මට ෆේමස් එක වැඩක් නැහැ…. මෙයාට තමයි මම කැමති කියලා. රහල් කියන්නේ ගොඩක් තරහ යන කෙනෙක්. චුට්ටක් සද්ද නැතුව හිටපුවම ඉබේටම එයාගේ තරහ නැති වෙලා යනවා….“

ඉතින් කොහොම නමුත් ඔවුන් දෙදෙනාගේ මේ මංගල ඡායාරූප සඳහා බොහෝ දෙනාගේ විවිධාකාර ප්‍රතිකාර ලැබි තිබුනා. ඒ අතරින් එක්තරා තරුණියක් මේ වගේ ප්‍රතිචාරයක් ලබා දී තිබුණු අතර එයට රහල් ද පිළිතුරු ප්‍රකාශයක් ලබාදී තිබුණා.

“ඔයිට වඩා ලස්සන කෙල්ලෙක් නම් බදින්න තිබ්බ, වයසයි වගෙ ගොඩක් රහල්ට වඩා…” යනුවෙනුයි එහි සටහන්ව තිබුණේ.
රහල් ඒ comment එකට පිළිතුරුත් දීලා තිබුණේ මෙහෙමයි..

“රූපය කියන දේ තාවකාලිකයි.. හෙට නැති වෙන්නත් පුලුවන්.. ඒත් කෙනෙක්ගේ හදවතක ලස්සන කවදාවත්ම නැති වෙන්නෙ නෑ.. තාවකාලික රූපයට වඩා සදාතනික හදවතට ආදරෙයි මං” කොහොම නමුත් ඔවුන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.