උණුසුම් පුවත්
Search

”මේ මගේ අන්තිම එක” – වොල්ගා අතේ ගහපු ටැටූ එක හැමෝටම පෙන්නලා කියපු කතාව

3439

කාලයෙන් කාලයට පුවත් මවන තවත් රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. මේ දවස්වල වොල්ගා කල්පනී රංගන දායකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යට…. ඒ ටුටූ කියන චරිතය හරහා. මේ කතාබහ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න වොල්ගා සමගයි.

වොල්ගා කොහොමද ජීවිතේ ?

”මගේ ජීවිතේ කොහොමත් මල් තමයි…. මොකද වොල්ගා කියන්නේ ප්‍රශ්න වලට වට්ටන්න පුළුවන් චරිතයක් නෙවෙයි…. ඒ නිසා මම මගේ ජීවිතේ සුන්දර විදියට ගෙවනවා, විනෝදෙන් ඉන්නවා ඉතින්….”

සමාජ ජාලාවල පැතිරෙන මඩ ප්‍රචාර ගැන මොකද හිතෙන්නේ?

”අනේ මම ඒවා ගණන් ගන්නේ නෑ, මම ඒ දේවල් දිහා බලන්නේ හරිම උපේක්ෂාවෙන්, අනික ඉතින් කවුරු හරි හම්බ කරන්න කරන වැඩනේ කියලා මම හිත හදාගන්නවා…. මොකද දැන් ත්‍රීවීල් පදින මහත්වරුන්ටත් යුටියුබ් චැනල් තියෙනවා නේ, ඉතින් මොනවා හරි දාලා ඒ අය කීයක් හරි හොයාගන්නත් ඕන නේ, ඒ නිසා ඒක මට ගානක් නෑ…. හැබැයි මම ගැන දන්න අය දන්නවා ඇත්ත නැත්ත මොකද්ද කියලා….”

දික්කසාද ගැහැනියක් විදියට ඔබ සමාජයට මුනුන දෙන්න බැයිද?

”අම්මෝ නෑ, ඒ ගැන මම පොඩ්ඩක්වත් බය නෑ….. මම මොකටද බයවෙන්නේ, හැබැයි මට ප්‍රශ්නයකට තියෙන්නේ මට වැඩිය මේ ප්‍රශ්නය නිසා අපහසු තාවයකට පත්වුණේ මගේ ගෙදර කට්ටිය…. මගේ දෙමවුපියෝ, නෑයෝ…. මොකද අහල පහල අය ඔයාගේ දුව, ඔයාගේ නංගි, දිකසාද උනා නේද කියලා අහලා මගේ පවුලේ අය මානසිකව වට්ටනවා…. මම ඒකට ආසා නෑ….”

ඉතින් ජීවිතේට එන ඕනෑම ප්‍රශ්නයකට නොබියව මුහුණ දුන්න වොල්ගා ගැන ආයෙමත් හැමෝම කතාවෙන්න පටන් අරගෙන…. ඒකට හේතුව තමයි වොල්ගා ළඟදී ඇයගේ සමාජ ජාලා ගිමුමට එකතු කරපු සේයා රුවක්. ඒ ඇය අපූරු ටැටූ එකක් කරලා මේ ටැටූ එක ගහලා තියෙන්නේ අතේ, ඉතින් ඒ චායාරූප සමග ඇය සටහනකුත් තියලා තිබ්බා. ඒ තමයි ‘The last tattoo in My life’ (මගේ ජීවිතේ අවසාන ටැටූ එක) කියලා…

ඉතින් වොල්ගා අතේ ගහපු මේ ටැටූ එකට ඇයගේ රසිකයින් ගොඩක් ප්‍රතිචාර දක්වලා තිබ්බා…




Leave a Reply

Your email address will not be published.