මුළු ලෝකයම දන්නා ”වෝටර්” සිනමා පටය සඳහා අපේ රටේ දායකත්වය දුන්නේ සරලා කාරියවසම්. අන්තර් ජාතික වශයෙන් ආන්දෝලනයට පත් වුණු මෙම “වෝටර්” සිනමා පටයේ ළමා රංගන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක් වගේම ඒ වෙනුවෙන් සම්මාන පවා දිනූ කෙනෙක් තමයි ඇය.
පසුව සරලා කලා නිර්මාණ කීපයකට රංගනයෙන් දායක වුණ ද විවාහයෙන් පසුව කලාවෙන් ඈත් වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.
ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සමග විවාහ වී සිටින ඇය මේ වෙද්දි පුංචි දියණියකගේ සහ පුංචි පුතෙකුගේ මවක්. ඇගේ පුංචි දියණිය ටාලියා පසුගියදා ඇගේ දෙවැනි උපන්දිනය සැමරුවා.
උපන්දිනයේ සේයාරූ සමාජ මාධ්‍යවල පළ කරන්නත් සරලා අමතක කළේ නැහැ….