උණුසුම් පුවත්
Search
tower

ජනවාරියේ සිට නෙලුම් කුළුණෙන් පහළට පනින්නේ මෙහෙමයි

91

නෙළුම් කුලුන මුදුනේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ක්‍රීඩාව සිදු කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ පෙරේදා (07) ගිවිසුම්ගත වුණා.

ඒ අනුව, නෙළුම් කුලුනේ ඉහළ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට කොළඹ වා තලයේ මීටර 260ක් පහළට කිමිදෙන්නට ඔබටත් අවස්ථාව ලැබෙනවා.

සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් ජපානයේ හිමිකාරිත්වය දරන අදාළ සමාගම චීනය, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක මෙවැනි බංජි පිමි (Bungee Jumping) සිදු කළ හැකි මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.

එහිදී අදහස් දැක්වූ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ කියා සිටියේ මෙවැන්නක්, “මේගොල්ලන්ගේ 50,000ක් විතර වෙනම ටීම් එකක් ඉන්නවා.. රටවල් වලට ගිහිල්ලා BUNGY JUMPING කරන. මෙතන අලුත් තැනක් නිසා මේ 50,000ම මෙතනට ගෙන්න තමයි මෙයාලා බලන්නේ. අපේ රටට විදේශිකයින්, සංචාරකයින් ගේන්න ලොකුම අවස්ථාවක් මේක.

මීටර 350ක් ඉහළ ඉඳන් පනින්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඒ අය පනින විදිය. ඒක වෙනම අත්දැකීමක්. ඒවාට ආස අය ඉන්නවා. ජනවාරි 1 සිට දවසකට පැනුම් වාර 100ක් කරන්න සැලසුම් කරනවා. ඊට අමතරව, රාත්‍රි කාලයේ පැනුම් වාර 30 – 40ක් පමණ..නෙළුම් කුලුන රාත්‍රියේ වර්ණවත් කරාට පස්සේ…..

විදේශිකයින්ට හා දේශීය අයට ගාස්තු වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අයට අඩු ගාස්තුවක් අය කරන්න හදන්නේ. දෙසැම්බර් මාසයේ කැමති අය වෙනුවෙන් තරගයක් තියලා තෝරාගන්නා කිහිපදෙනෙකුට නොමිලේ අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙනවා.”