ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වා යමින් වංචනික කරුණු ගෙනහැර දක්වමින් මහජනතාව ආයෝජනයට පොළඹවා මුදල් රැස් කළ බව කියන තිලිණි ප්‍රියමාලිගේ ගනුදෙනු සම්බන්ධයෙන් ජනප්‍රිය කලාකරුවන් වන සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පසුගිය 07 වනදා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලි සමඟ ඔවුනට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම තිළිණි සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ජීවන් කුමාරතුංගගේ අධ්‍යක්ෂණයෙන් සංගීතා හා ජීවන් ප්‍රධාන චරිත වලට යොදා ගනිමින් තිළිණි ප්‍රියමාලි විසින් ‘ජීවා‘ නමැති චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පසුගිය කාලයේ උත්සාහ දරා තිබුණ අතර ඒ හා සම්බන්ධ මුහුරත් උළෙලක්ද පැවැත්විණි.

මෙහිදී කලාකරුවන්ට ගෙවීමට තිලිණි වියදම් දරා ඇත්තේ වංචනික ලෙස උපයන ලද මුදල්ය.
මෙම ප්‍රශ්න කිරීමේදී අදාළ ගනුදෙනු ගැන මෙන්ම ඔවුන් සමීප ඇසුරක් පවත්වමින් සිටින අවස්ථා වල සාක්ෂි විමර්ශනය කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි, සංගීතා සමග සිටින වීඩියෝ දර්ශනයක් සංගීතාට ඉදිරිපත් කර ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටි බව වාර්තා කර තිබේ.

සංගීතා වීරරත්නගෙන් ප්‍රශ්න කිරීමේ දී ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග සහ ඔහුගේ බිරිඳ ජීවන් කුමාරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 05 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.
තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ සේමිණි ඉද්දමල්ගොඩ ,පූර්ණිකා පීරිස්, පේෂල මනෝජ් යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනිණි.

Source – Gossip Lanka News