උණුසුම් පුවත්
Search
chilie

”එයාලා හිතුවා මම සෙල්ලක්කාරයෙක්, මෙයාව අතරමං කරලා යයි කියලා” – චිලී තිලංක

3879

කාලයක් ක්ෂේත්‍රයේ දකින්න නොලැබුණා වුණත් චිලී තිලංක කියන බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පියෙක්. චිලීගේ විවාහයත් එක්ක තමයි නැවත වතාවක් චිලී ගැන කතාබහක් ඇතිවෙන්නේ.. දැන් චිලී තාත්තා කෙනෙක්. පසුගිය දවසක චිලී, සෑනාශෝ එක්ක කරපු සාකච්ඡාවකදී පළවැනි වතාවට තමන් ගැන මේ විදිහේ හෙළිදරව්වක් කර තිබුණා….

image 343

”මෙයා හිටියේ ඉතාලියේ…. යාලුකමක් මුලින් තිබ්බේ. ෆේස්බුක් යාලුවෝ. මෙයා ලංකාවට ඇවිත් මාව හම්බුණාට පස්සෙ තමයි යාලුකමක් ඇතිවුණේ. මෙයා මට ඉස්සර සිංදු එවනවා…. මම දැනගත්තා, මෙයාට මාව ස්පේශල් කියලා.

image 342

”අයැම් රෙඩි ටු ලව්” කියන සිංදුව එව්වට පස්සෙ තමයි ආදරේ පටන් ගත්තෙ. මුලින්ම දුන්න තෑග්ග පෙන්ඩන්ට් එකක්. එයාර්පොට් එකේ දී දුන්නා. මම මීට කලින් එහෙම එකක් කාටවත් දීලා නෑ. ජීවිත කාලෙටම මතක හිටින විදිහට ඒක හැදුවේ. අවුරුදු 14ක් ආදරේ තිබ්බනේ…..”

image 340

”මම ඇත්තටම හිටියේ ප්‍රශ්න දාගෙන එපාවෙලා. මම මෙයාට කියනවා. මම ඉස්සර හැසිරෙන විදිහත් මෙයාට ලෙඩෙක් වගෙනේ. නමුත් මෙයා ඒක හිතුවේ නෑ…. අපිට විවාහය දක්වා දුර යන්න පුළුවන් වුණා. මට අවුරුදු 23යි, මෙයා එක්ක යාලුවෙදි. මෙයාගේ ඥාතීන් හිතුවා මම සෙල්ලක්කාරයෙක්, මෙයාව අතරමං කරලා යයි කියලා…. හැබැයි අම්මයි තාත්තයි නම් විරුද්ධ වුණේ නෑ…..”

image 344

කොහොම නමුත් මේ දෙදෙනා ඉතා හොඳින් ජීවත් වන අතර මේ වන විට ඔවුන් මව් – පිය පදවි ලබා සිටිනවා.

image 341