උණුසුම් පුවත්
Search
Untitled design 8

” එයාල මගෙ ගේ ගිනි තිබ්බා. අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා ” – අනෝජා වීරසිංහ

133

අනෝජා වීරසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටි අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඈ සමත් වූ අතර ම ලාංකීය සිනමාව උදෙසා ඇය සිදුකරන ලද මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැකියි. මේ වන විට වන විට රංගනයෙන් ඈත් වී සිටින ඇය බුදු දහමට ළැදිව ඉතාමත් නිස්කලංක ජීවිතයක් ගත කරනවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇය ගැන නොදත් බොහෝ දේ පවසා සිටියේ මේ අයුරින්.

Kala Keerthi Anoja Weerasinghe Now 300x300 1

“මම දැං වසර දහයක් පහලවක් වගේ කාලයක් සියලු දේවල් වලින් ඈත් වෙලා. මම හිස බූ ගෑවාට පස්සේ මගේ කොණ්ඩෙට ආදරය කළ පිරිසක් හිටියා. ඒ අය ගොඩක් දුක් වුණත් එහෙම වෙන්න මට හේතු වුණේ මගේ ජිවිතේ කුඩා කාලයේ ඉඳන්ම මම දේවල් නිසා. මගේ විවහා ජිවිතේ ඉඳලා ගොඩක් තැන්වල අසාර්ථක වුන තැන් නිසා ගොඩක් අසරණ වුන අවස්ථා අදටත් මතක් කරන්නවත් කැමති නැහැ.

Kala Keerthi Anoja Weerasinghe Then 226x300 1

ඇත්තටම සිනමාව වෙනුවෙන් කතා කළ නිසා මගේ ගේ ගිනි තිබ්බා. ගොඩක් ප්‍රචාරය යවලා තිබුනෙ ගිනි ගත්තා කියලා. දවස් දෙකක් ඇතුළත මීටින් හතක මම සිනමාව වෙනුවෙන් කතා කළා. සියල්ල ගිනිබත් කළා. මාව නැති කරන්න එව්වෙ දරුණු අපරාධකාරයො. මගේ වාසනාවකට මම වොයිස් ට්‍රේනින් කරලා තිබුණා. මගෙ කොළඹ ගෙදරට මාව අහලා කෝල් එකක් ආවා. ෆෝන් එක ගත්ත මම ම තමයි කිව්වෙ නෝනා ඡන්දෙ දාන්න මොනරාගල ගෙදර ගියා කියලා. මගෙ හඬ අඳුනගන්න බැරි වුණා. එදා තමයි මගෙ මොනරාගල ගෙදර ගිනිබත් කළේ. ඒ කාලෙ මට නින්දක් තිබුණෙ නෑ. රෑ නින්දට යන්නෙත් කලිසමයි ටීෂර්ට් එකයි ඇඳගෙන අතේ මොබයිල් එක තියාගෙන. මාව නැති කරන්න පන්නනකොට තාප්පෙකින් හරි පැනලා යන්න සූදානමින් හිටියෙ. මේ දේවල් එක්ක මාව මානසිකව වැටුණා

Anoja Weerasinghe

රංගනය අද කාලේ විකුණගෙන කන තැනට වැටිලා තියෙන්නේ. රංගනය හදාරන්න හරියට තැනක් නැති නිසා අමාරුවේ වැටෙන කොච්චර අය ඉන්නවද. කෙටියෙන්ම කිව්වොත් සමහර කෙල්ලෝ තමන්ගේ කන්‍යා බාවය අධ්‍යක්ෂක වරුන්ට දීලා හොඳ චරිත වලට රඟපාන්න යනවා. මට ආදරේ කරන මිනිස්සු මගතොටදී පවා මුණගැසෙන අය දක්වන ආදරණීය සෙනෙහස එක්ක හරිම සතුටක් දැනෙනවා.”

මේ විදියට තමයි ඇය පවසා සිටියේ. ඉතින් උතුම් නිර්වානය සොයා යන මාර්ගය ඇයට අවබෝධ කරගැනීමට හැකි වී මේ සසර දුකින් එතෙර වීමට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Anoja Weerasinghe 4366