කලා ලෝකෙ කවුරුත් කතා කරපු.. කතා කරන… පුවත් මවන චරිතයක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ.යුවළක් ලෙස ගත්තොත් රොෂාන් රිද්මා යුවල.. බොහොම සතුටෙන් ජීවිතය ගත කරන ආදර්ශවත් යුවලක් ලෙස සලකන්න පුළුවන්. රොෂාන් ගේ වචන වලට අනුව රිද්මා පිලපිටිය කියන්නේ එයාගෙ ජීවිතේ ලස්සන කරන්න ආපු කෙනෙක්.

ඇය ගේ දොර වැඩ කටයුතු බලාගෙන පුතාවත් බලාගෙන ගෘහණියක ගෙන් වෙන්න ඕන සියලු යුතුකම් ඉටු කරම්න්.. තමන්ගේ සැමියාගේ කලා කටයුතු වලටත් උපකාරී කරමින් ජීවිතය ගෙවන බිරිඳක්… ඇය ඇගේ නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතර.. එහිදී ගැමි රසට කෑම බීම උයන ආකාරය ජීවත්වෙන්න ඕන විදිහ ආදී නොයෙක් ජීවිතේට වැදගත් වටිනා උපදෙස් රාශියක් ඇය ලබාදෙනවා.

කවුරුත් දන්නවනේ රොෂාන් ගේ කලින් පෙම්වතිය ප්රසිද්ධ නිළි චතුරිකා පිරිස් බව.. පසුකාලීනව ඒ සම්බන්ධයෙන් අවසන් වෙලා රොෂාන් සිය සහකාරිය ලෙස රිද්මා තොරාගන්නවා.. එහිදී නොයෙක් පිරිස් දෙදෙනාට විවිධ කට කතා ප්රකාශ කරනවා. එම කටකතාවලට මුහුණ දීගෙන සිය ජීවිතය ඉදිරියට රැගෙන ආපු හැටි ඇය ප්රකාශ කරලා තිබුණේ මෙන්න මෙහෙම…

අපි මැරි කරපු අලුත කපල් එකත් ගිහිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම කියන්න අරහෙම කියන්න සල්ලි දීල තියෙනවා මිනිසුන්ට. ෆීල්ඩ් එකේ අය නං අපිට අනිත් පැත්තට කෝල් කරල කියනවා. මෙන්න මෙහෙම කිව්වා කියලා. එක කතාවක් ගියා මම කසාද බැඳලා.. දරුවො ඉන්න ගෑනියෙක් කියලා.. එක්තරා ජාතික පුවත්පතකට යම් අයෙක් කියලා තිබුණා අපේ වෙඩින් එක අවුරුදු තුනක් වත් තියෙන්නෙ නැහැ කියලා. දැන් අපි එකට එකතු වෙලා අවුරුදු පහක් කටකථා කියන්නේ සුළගේ යන දෙයක් . අපි හරි නම් හරියට ජීවත් වෙනවා නම්. ඔයා ප්රශ්න නෙවෙයි.
