උණුසුම් පුවත්
Search
maheshi

”මට නත්තල් පාටියට ආරාධනා කරලා පස්සේ එන්න එපා කිව්වා” – ඇඳුමකුත් සූදානම් කරගෙන හිටපු මහේෂිට වුණ අකරතැබ්බ

153

ලංකාවේ කලා ක්ශේෂ්ත්‍රය තුළ මේ වන විට කාලයක සිට විවිධ චරිත හරහා අපි අතරට ආපු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුෂංකා. ඇයට එදා ලැබුණු ජනප්‍රියත්වය අද වන තුරුත් අඩුවක් නැතුව ලැබෙනවා. ඉතින් මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිත රංගනයක් කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වට වරදක් නෑ.

image 303

පළමු වරට විදෙස්ගතව සිටි තරුණයෙකු සමඟ විවාහ ගිවිසගන්නා ඇය පසුකාලීනව ඉන් ඉවත්ව නිහඬවම විවාහ දිවියකට ඇතුළත් වෙනවා. ඇය විවාහ වන්නේ ගුවන් නියමුවරයෙක් සමඟයි. මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ඉන්න ඇය ආදරණීය මවක්. කාලයක් සිනමා නළු රංජන් රාමනායක වෙනුවෙන් කතා කරපු කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටි කෙනෙක් තමයි ඇය. බය නැතුව කතා කරන මහේෂි නාලිකාවකින් ඇයට සිදු වූ සිත් තැවුලක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

image 302

”මම රංගන අයියගේ යූ ටියුබ් එකෙන් කරපු නත්තල් පාටියට ගියා…. මට හිරු එකෙන් එයාලගේ නත්තල් පාටියට ආරාධනා කරලා තිබුණා. මම රංගන අයියගේ නත්තල් පාටියට ගියා කියලා හිරු එකෙන් කෝල් කරලා කිව්වා සමාවෙන්න අරකට සහභාගි වුණ නිසා එන්න එපා කියලා. මම ඇදුමත් ලෑස්ති කරගෙන හිටියේ. මට පුදුම දුකක් ආවේ…..

image 300

රංගන ශිල්පීන්ට නාලිකාවක් කියන්නේ හරියට දරුවෙක් වගේ. ඉතින් අපිව උස්සලා තියන්නෙත් පහලට දාන්නෙත් නාලිකාවක්ම තමයි. මම කාටවත් මොකුත් කියනවා නෙමෙයි, මම වගේම රංගන ශිල්පීන් ගොඩ දෙනෙකුට මෙහෙම කෝල් කරලා තියෙනවා….. මම ඒ අයගේ නම් කියන්නෙ නෑ. මොකද මගේ සැමියට මාව ජීවත් කරවන්න ආර්ථිකය ශක්තිමත් වුණත් මේකෙන්ම ජීවත් වන අපේ කලාකරුවො ඉන්නවා.”

image 301

මේ විදියටයි මහේෂි ඇයට සිදු වූ අමිහිරි අත්දැකීම ගැන කියලා තිබුණේ.

image 299