පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත් විවාහ මංගල්‍යයක් ගැන දැනගන්නට ලැබුණා. ඒ තමයි අපේ රටේ ප්‍රසිද්ධ ගායකයෙක් වන නාමල් උඩුගම සහ රංගන ශිල්පිනි රුවන්ති මංගලාගේ ආදරණීය දියණිය වන දැහැමි සහ ශනාල්ගේ විවාහයයි. මේ විවාහ මංගල්‍යය උත්සවය දේශීය සිරිත් විරිත් වලට අනුකූලව සිදු කළ වෙනස්ම විදියේ මංගල උත්සවයක් කිව්වොත් නිවැරදියි.
විශාල පිරිසකගේ ආදරය, ආකර්ෂණය වගේම ඉහළ ප්‍රතිචාරත් නාමල් උඩුගමට සහ රුවන්ති මංගලාට හිමිවුණා. ඒ දේවල් එක්ක පවුලට අලුතින් එකතු වුණු තරුණයා ගැන රුවන්ති මංගලා ආදරණීය කලාකාරිනිය පුවත්පතට කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..
“ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයට අවුරුදු 08ක්….. ඒ වගේම අපේ දුවටත් දැන් අවුරුදු 25ක් වෙනවා…. ඒ නිසා අපි ගිය අවුරුද්දේ ඉඳන් විවාහ උත්සවය සැලසුම් කරා. පුතා හරිම හොඳයි…… හිනා වෙච්චි ගමන්ම ඉන්න, සිරියාවන්ත පුතෙක් අපිට ලැබුණේ. හැමෝම අහනවා ලස්සනට හිනා වෙන මේ කොල්ලා කොහෙන්ද හොයාගත්තේ කියලා…… ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්….”
ඉතින් රුවන්ති ඔන්න ඔය විදිහට තමයි ඔවුන්ගේ ආදරණීය පවුලට එකතු වුණු අලුත් සාමාජිකයා ගැන අදහස් දක්වලා තිබුණේ.