උණුසුම් පුවත්
Search
shalani

”ක්ෂේත්‍රයට ආවෙම විවාහයෙන් පස්සේ කලාවෙන් අයින් වෙනවා කියලා නීතියක් දාගෙන” – ශලනි තාරකා

2690

අපේ රටේ නමක් දිනු බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. කාලයෙන් කාලයට ඇය ගැනත් සමාජයේ විවිධ පුවත් මැවෙනවා. ඒ අතරේ ශලනි මෑතකදී එකතු වුණ අලුත්ම පුවත්පත් සාකච්ඡාවකින් උපුටා ගත්තක් තමයි මේ….

”ආදරය ගැන මගේ ජීවිතේ එක එක කාලවල දී එක එක අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය නිසා දුක් විඳලා තියෙනවා. ආදරය නිසා සතුට විඳලා තියෙනවා. ආදරය කියන දේ ඇතුළේ මම පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහා නෑ. මගේ දීර්ඝ කාලීන ආදර කතාව නතර වෙලා අවුරුදු 08 ක්. හැබැයි අදටත් අපි හොඳම යාළුවෝ…. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. සිනහවෙන් ළඟට ගන්න දේවල් සිනහවෙන්ම අතහරින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ඕනෑ.

image 6

ආදරේ බලෙන් හිර කරලා තියාගන්න බැහැ. එයාට නිදහස දෙන්න ඕනේ. ඒ නිදහස ඇතුළෙත් මං ගාවම එයා රැඳෙනවා නම් ඒක තමයි ආදරේ.

image 7


ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට. ඒ වගේ ආදරයක් මම දැන් විඳිනවා….”

image 8

”නිළියක් විදියට මම මගේ ජීවිතේ යන්න ඕනෑ ඉහළටම දැන් ඇවිත් තියෙන්නේ. පොඩි වයසකදි ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මාන දෙකම එකම වේදිකාවේ ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. අවුරුදු 17 ක් පුරාවට මට කන්න අඳින්න, වාහනයක්, ගෙයක් මේ හීන සියල්ල සැබෑ කර ගත්තේ කලාවෙන්. ඒකට මම කලාවට හැමදාමක් පිං දෙනවා. ජීවිතේ සතුට මට දුන්නේ කලාව.”

image 4

”මේ ක්ෂේත්‍රයට එද්දිම මම දාගෙන ආපු නීතියක් තමයි විවාහ වුණාට පස්සේ කලාවෙන් අයින් වෙනවා කියන එක. විවාහවෙලා ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ වගකීම ගන්න මම කැමතියි. විවාහයත් එක්ක යම් දවසක සමුගන්න වුණොත් මට සතුටින් සමුගන්න පුළුවන්. පසුතැවීමක් දුකක් නැහැ…”

image 5

Source – Sirikatha