උණුසුම් පුවත්
Search
Untitled design 13

” ගෙවල් studio කුඩු කළාට මගේ talent එක නැතිකරන්න උන්ට බෑ ” – ඉරාජ් වීරරත්න

143

ඉරාජ් වීරරත්න කියන්නේ අපි හැමෝම දන්න සමාජ ජාල තුළ පුවත් මවන හරිම වෙනස් විදියේ චරිතක්. ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න ගේ පුතණුවන් වන ඉරාජ් සති අන්ත පුවත් පතකට බොහොම අපූරු සාකච්ඡාවක් වෙලා තියෙනවා.රන් රන් රන් වැනි ගීත හරහා තාරුණ්‍ය ආමන්ත්‍රණය කළ වෙනස්ම නිර්මාණකරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. පසු කාලෙක ඔහු අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙනවා. ඒ ඔහු කරන නිර්මාණ වගේම ප්‍රකාශ හේතුවෙන්. පසුගිය කාලයේ ඇති වුණු අරගලය හේතුවෙන් ඉරාජ් දුක්මහන්සියෙන් හම්බකරගත්තු සියලු දේපොළ විනාශ වෙනවා. ඔහු ඒවා කිසිවක් ගණන් නොගෙන විදෙස්ගත වෙලා තමන්ගේ සංගීතය පැත්තෙන් යමක් කරලා ඔන්න දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. පසුගිය කාලයේ ඇතිවුණ අරගලයෙන් පසුව ඉරාජ්ගේ භූමිකාව මොන විදිහටද දැන් සිදුවන්නේ කියලා දැනගන්න අපි ඉරාජ්ට කතා කළා.

n641070610 4152808 7551

කොහෙද මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියෙ ඒකට කිව්වේ මෙහෙම උත්තරයක් මම පොඩ්ඩක් ඉන්දියාවට සහ හොලිවුඩ්වල කැලිෆෝර්නියා පැත්තට ගියා. පසුගිය කාලයේ දන්නවා ඇතිනේ අපිට වෙච්ච දේවල්. ස්ටුඩියෝ එහෙම විනාශ වුණා. අරගලය තිබුණ කාලයේ මගේ සියලුම බඩු හොරකම් කරලා තිබුණා. මට ආයෙමත් වැඩ පටන්ගන්න ඕනෑ වුණා. කලබල තිබුණ කාලයේ මට කොහොමටත් වැඩ කරන්න විදිහකුත් තිබුණේ නැහැ. ඒ නිසා මම සංගීත වැඩ ටිකක් කරගන්න විදෙස්ගත වුණා. මම මාස දෙකක් විතර එහෙ හිටියා. ඒ කාලය තුළ මම ගොඩක් අප්ඩේට් වුණා මියුසික් සහ ප්‍රඩක්ෂන් පැත්තෙන්. ඉතිං මට නැවතත් හිතුණා මියුසික් වීඩියෝ එකක් රිලීස් කරලා ඉරාජ් කියන්නේ කවුද කියලා මතක් කිරීමක් කරන්න. අපි ඒ කාලේ කරපු මියුසික් වීඩියෝ වලට ගහන්න මියුසික් වීඩියෝ තවම ඇවිත් නැහැ. බොහොම කිහිපදෙනෙක් තමයි හොඳ මියුසික් වීඩියෝ කරන්නේ.

n641070610 5735110 5303

ඉරාජ්ගෙ අළුත්ම ගීතයේ තියෙන සුවිශේෂත්වය සහ ලංකාවේන් ගියපු හේතුව ඉරාජ් මාධ්‍යට හෙලිකරෙ මෙන්න මෙහෙම… මේ ගීතය මට සිතන්න බැහැ ගීතයේ කන්සෙප්ට් එකට ගොඩක් සමානයි. ඒ කන්සෙප්ට් එකම තමයි මම මේකෙදි පාවිච්චි කළේ. මේ මියුසික් වීඩියෝ එකට මම පාවිච්චි කළා බැක් ටූ ද ෆියුචර් කියන හොලිවුඩ් චිත්‍රපටයට භාවිතා කරපු මෝටර් රථය. මට ලංකාවේ ලොකු විරෝධයක් තිබුණා. ඒකට හේතුව තමයි මම හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටීම. කලබල තිබුණ කාලෙත් මම මගේ මතය වෙනස් කළේ නැහැ. ගොඩක් කලාකරුවෝ තමන්ට ෂෝ ටික නැතිවෙයි කියලා බයට වගේම ඔවුන්ගේ ව්‍යාපාර රැකගන්න අරගලයට එකතු වුණා. මම මුල ඉඳලා අරගල කියන දේවල් වලට විරුද්ධයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න ඕනෑ. හැබැයි කරපු විදිහට වැරදියි. ඒ වෙලාවේ මට මියුසික් වීඩියෝ එකක් කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් තිබුණේ නැහැ. මුහුණු පොතේ එහෙම ෂෙයාර් වුණා, අපිට සංගීත උපකරණ වගේම කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට මියුසික් වීඩියෝ එකක් තනියම කරන්න බැහැනේ. කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලයි ෆේස් බුක් පෝස්ට් ගියේ. එතකොට මට හිතුණා හරි කමක් නැහැ. උඹලා මට දෙන්න එපා මම හොලිවුඩ් ගිහිල්ලා වීඩියෝ එකක් කරනවා කියලා. ඒක තමයි මේ වීඩියෝ එක.

n641070610 5634455 665

ආයිත් දේශපාලනය කරන්න අදහසක් තියෙනවද? ගෙවල් කඩපු එක ගෙන අදහස මොකක්ද? පරණ දේවල් අමතක කරන්න සූදානම් ද? කියලා අහපු ප්‍රශ්න වලට ඉරාජ් දුන්න උත්තරය.. දේශපාලනය කරන්න කිසිම අදහසක් නැහැ. මට මියුසික් විතරයි කරන්න ඕනෑ. මම කළේ හිටපු ජනාධිපතිතුමාගේ මතය වෙනුවෙන් අවසන් මොහොත වෙනකම් පෙනී සිටින එක විතරයි. එතැනින් එහාට මගේ කිසිම දේශපාලනයක් නැහැ. මම ඉදිරියට කරන්නේ මගේ සංගීත වැඩකටයුතු සහ මගේ ව්‍යපාර වැඩකටයුතු විතරයි. මම ඒවා කරපු අයට වෛර කරන්නේ නැහැ. මගේ ගේ විනාශ කළේ අවු. 18, 19, 20 වගේ පුංචි කොල්ලො. අන්තිමට පොලිසියෙන් කිව්වා කවුද කළේ, මොනවද කළේ, මොන දේශාපාලන පක්‍ෂයටද මොවුන් සම්බන්ධ කියලා. දැන් ඉතිං ඒ දරුවන් රවට්ටලා තියෙන්නේ ඒ ගොල්ලො වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටිනවා කියලා. දැන් ඒ දරුවන්ට නඩු පවා වැටිලා. ඒ දරුවන්ගේ දෙමාපියන් කතා කරලා කියනවා අපේ දරුවන්ගේ ජීවිතයම ඉවරයි මේවා අමතක කරන්න කියලා. මම එහෙම හිතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් නෙමෙයි. මම දැක්ක දෙයක් තිබුණා. අරගලය කාලේ විශේෂයෙන් යූටියුබර්ස්ලා ගොඩක් සෝෂල් මීඩියා වල ඉන්න අය ලයිව් වීඩියෝ ගිහිල්ලා ගොඩක් ඇවිස්සුවා. මගේ ලෙවල් එකට එන්න බැරි අය තමයි වැඩිපුර එහෙම කළේ. මට ගහන තත්ත්වයට වගේම මාව මරන්න පවා කිව්වා.

n641070610 3824553 9895 722093

ඉරාජ් දේශපාලනයෙන් මුදල් හම්බ කරාද? ඉස්සරහට ඉරාජ් මොනවද කරන්නෙ කියන එකට දිපු උත්තරය කිසිම හම්බ කිරීමේ පරමාර්ථයක් තිබුණේ නැහැ. මට නම් කරන්න මගේ දේවල් ඕනෑ තරම් තියෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදවනතුරුත් මට ඕනෑ වෙලාවක හම්බවෙන්න පුළුවන්. එතුමා දන්නවා අපි හොර වැඩ කරලා නැහැ කියලා. මම පෞද්ගලිකව කිසිම දෙයක් ආණ්ඩුවෙන් කරගෙන නැහැ. කිසිම ටෙන්ඩරයක්වත් අරගෙන නැහැ. ඒ හින්දා කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ මට දේශපාලනයෙන් හම්බ කළා කියලා. යූටියුබර්ස්ලා එහෙම ලයිව් ගිහිල්ලා අවුස්සලා කරදර කරපු කාලේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ ළඟ ඒ වීඩියෝ සියල්ල එකතු කරගෙන තියෙනවා. මම හිතන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට පස්සේ මට තමයි වැඩිපුරම පෝස්ටර් අල්ලගෙන හිටියේ. මම ඒ දවස්වල පුදුම වෛරයකින් තරහකින් හිටියේ. හැබැයි මට අද වෙනකොට පේනවා වෙනම දෙයක්. මම ලංකාවෙන් ගිහිල්ලා ආපහු ලංකාවට එනකොට මගේ ඇස්වලට පේනවා මට ගහපු, මාත් එක්ක හිටපු කලාකරුවෝ හොර වැඩවලට මාට්ටුවෙලා, කෝටි ගණන් එකවුන්ට් වලට වැටිලා මාට්ටු වෙලා, මාධ්‍ය ඉදිරියේ නිකම්ම නෝන්ඩි වෙලා ඉන්නවා. සමහර යූටියුබර්ස්ලාගේ එකවුන්ට් වලට ලක්‍ෂ 50, 60 ඉබේ වැටෙනවා කියලා පෙන්වගන්න විදිහක් නැතිව සීඅයිඩී යනවා. මම බෞද්ධයෙක් හැටියට කල්පනා කළා දැන් කර්මය කියන දේ ඉතා ඉක්මනින් කිට්ටු වෙලා කියලා. මම හිතුවේ කර්මය කියන දේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි පඩිසන්දේවි කියලා. එතැනින් එහාට කියන්න කිසිම දෙයක් නැහැ. මේ අවුරුද්දේ මම දැනගත්තා මගේ යාළුවෝ සහ මම කරන වැඩවලට ක්‍ෂේත්‍රයේ අය ඊර්ෂ්‍යාවකින් සහ ලොකු තරහකින් ඉන්නවා කියලා. මාත් එක්ක ඉතුරුවෙච්ච පිරිස ඉන්න වානේ. ඉතිං ඒ අයත් එක්ක හොඳ ගමනක් යන්න හිතුවා. දැන් මම මේ කරපු මියුසික් වීඩියෝ එකත් වෙනම ලෙවල් එකක එකක්. මේ කරලා තියෙන වැඩේ ලංකාවේ කාටවත් කරන්න බැහැ. මට ඕනෑ අලුත් ජෙනරේෂන් එකත් අපි කරන ලෙවල් එකට ගෙන්වා ගන්නයි. මට මේ මියුසික් වීඩියෝ එකෙන් අපේ අලුත් කොල්ලො කෙල්ලන්ට පෙන්වන්න ඕනෑ වුණා, මගේ ගෙවල් කුඩුකරලා, ස්ටුඩියෝ කුඩුකරලා මොනවා කළත් මගේ තිබුණ ටැලන්ට් එක නැති කරන්න බැරිවුණා. අන්තිමට ඒක කාටවත් නැති කරන්න බැහැ. නමුත් සියලු දේපළ නැතිකරන්න පුළුවන්. මගේ මේ මියුසික් වීඩියෝ එකෙන් මම පෙන්වන්නේ මගේ ටැලන්ට් එක කොහොමටවත් නැති කරගන්න බැරි වුණා කියන එකයි.

n641070610 3741148 92 721352