උණුසුම් පුවත්
Search
volga

”මගේ විවාහය ඇතුළෙ සාප කිරීම්, රංඩු කිසිවක් තිබුණ් නෑ” – වොල්ගා සිහි කරන අතීත මතක

340

පුංචි තිරයේ දඟකාර නිළි වොල්ගා කල්පනී කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. වොල්ගා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය කෙනෙක්. වොල්ගාගේ විවාහය දෙදරා ගිය කතාවත් කාටත් රහසක් නෙවෙයි. ඉතින් මේ වන විට තනිකඩව දිවි ගෙවන ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්….

image 185

“හැමෝම දන්නවා, මම විවාහ වුණේ මගේ මගේ පොඩි කාලේ යාලුවා එක්ක…. ඉතින් යාලුවෝ එක්ක තරහ වෙන් නෑනේ අපි. අපි හම්බෙලත් තියනවා. හම්බුනත් කොහොමද? බායි…. කියලා එන්න පුලුවන් මට්ටමේ ඉන්නවා. ඒ අත්දැකීම කවුරුත් ලබන්න හොඳ නෑ.

image 183

උසාවි ගිහින් දැක්ක දේවල් එක්ක ජීවිතේ සමහර දේවල් තනි බොරුවක් කියලා හිතෙනවා. විවාහය විශේෂයෙන්.

මගේ විවාහය ඇතුළෙ සාප කිරීම්, රංඩු කිසිවක් තිබුණ් නෑ. හැබැයි එතනට ගිහින් කුඩුවට නැඟලා මේක කටු ගානව කියන එක… එහෙම කිසිම කෙනෙක්ට වෙන්න හොඳ නෑ….. ඒක ජීවිතේ අමිහිරි මතකයක්. මම ඒකෙන් පස්සෙ කාන්තාවන් වෙනුවෙන් ඉදරිපත් වෙනවා. කමෙන්ට් වලදි පවා.. ඒක මගේ ජීවිතේ අමිහිරි දෙයක්….”

image 184