උණුසුම් පුවත්
Search
mahindananda

”කියන තරම් විරෝධයක් නාවලපිටියේ තිබුණේ නෑ” – මහින්දානන්ද අලුත්ගමගේ

112

නාවලපිටියේ පෙරේදා (16) ඔය කියන තරම් සිදුවීමක් වුණේ නැහැ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

”සජබ කෙනෙකු තණකොළ මිටි කිහිපයක් තැනක තබාගෙන පින්තූරයක් ගෙන තිබුණා. 80ක් පමණ පිරිසක් ඔය කියන විරෝධයට ගිහින් තිබුණා…”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති සාර්ථකව බාධාවකින් තොරව හා උපරිම ජනතා සහභාගිත්වයකින් ජනහමුව පෙරේදා පැවැත්වුණ බවත් මහින්ද රාජපක්‍ෂ මහතාත් ඒ ගැන සතුටු වූ බවත් ඔහු පවසනවා.

”කවර ප්‍රශ්න ආවත් ජනතාව පොහොට්ටුව සමග සිටින බව පෙරේදා අපි ඔප්පු කළා” යැයිද මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටිනවා.

කෙසේ නමුත් පෙරේදා දින නාවලපිටියේ උනුසුම්කාරී වාතාවරණයක් පැවතුණා.