උණුසුම් පුවත්
Search
roshana

”දවසම කන්නවත් අපිට සල්ලි තිබුණේ නැති කාලයක් තිබුණා” – රොෂානා හඬවමින් දියණිය හෙළි කළ සංවේදී මතකය

844

කලා ලෝකය තුළ ආදරණීය කලාකාරිනියක් විදියට නිතරම පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණු සුන්දර චරිතයක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. ඇය දක්ෂ කලාකාරිනියක් විදිහට පුංචි තිරයෙන් නොයෙකුත් ආකාරයේ නිර්මාණ හරහා විවිධ චරිත ඔස්සේ අපිට දැක බලා ගන්න හැකියාව ලැබුණා.

කලකට පුංචි තිරයෙන් ඇයව පෙනෙද්දී තවත් අවස්ථාවකදී ඇය පුංචි තිරයෙන් නොපෙනී යනවා. ඒ අයගේ පෞද්ගලික ජීවිතය විවිධ කාරණා නිසා වෙන්න ඇති…. කෙසේ නමුත් අද වන විට ඇය හරිම සාර්ථකව ආදරණීය මමක් විදිහටත් නිදහසේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

image 217

හැබැයි මේ විදිහට අද ස්ථාවර වෙන්න කලින් ඇය තමන්ගේ ජීවිතය කවදාවත් විඳපු නැති ආකාරයෙන් සෝචනීය අත්දැකීම් රැසකටම දුක්ඛ දෝමනස්සයන් රැසකටම මුහුණ දීපු කාන්තාවක්. හැබැයි මේ දුක කියන දේ තමන්ගේ තමන්ගෙ ආදරණීය දියණියන්ට කවදාවත් ඇය දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මොකද මවුපියන් කොච්චර දුක් වින්දත් දරුවන්ට ඒ දේවල් දැනෙන්න දෙන්න නැතිව ඒගොල්ලො හදාවඩා ගන්න එක තමයි අම්මා කෙනෙක්ගෙ මූලිකම අරමුණ.

image 221

ඒ විදිහට සාර්ථකව දරුවන් එක්ක ජීවත් වෙන ඇය පිළිබදව එක්තරා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා ඇයගේ ආදරණීය දියණිය මෙනාෂා නානායක්කාර හරිම සංවේදී කතාවක් කියනවා. මේ කතාව තුළ අප ඔබ සැමට ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ කතාව පුරාවටම ඇය කිව්වේ තමන්ගේ අම්මා තමන් උස් මහත් කරන්න කොයිතරම් දුක් වින්දාද කියන දේ…..

image 218

“පවුලක් විදිහට අපිට ඉන්න අම්මා කොච්චර දුක් වින්දද කියලා මට අදටත් හොඳට මතකයි. අපිට කන්නවත් සල්ලි තිබුණේ නැහැ…. දවසම කන්න නැතුව හිටපු දවස් තිබුණා. ඒ අතින් මම අද හරිම සතුටුයි, අම්මා අද ගොඩක් ශක්තිමත්. එයා දැන් දැං ස්ථාවරයි. එයා කැමැති දෙයක් එයාට දැන් ගන්න පුළුවන්. අපිට දැන් ගෙදර කවදාවත් කෑම නැති වෙන්නේ නෑ. අපි දැන් සතුටින් ඉන්නවා….. අම්මා හැමදාම මගේ ළමයට හොඳට කන්න දෙන්න ඕනි කියන තැන හිටියා. මට මතකයි එක දවසක් අම්මි shooting ගිහිල්ලා එදාට එයාලට පේමන්ට් එක දුන්නා. එදා අම්මට සල්ලි දෙද්දී මම එතන කෑ ගහලා කිව්වා ”යේ අද අපිට කුක්කු පිටි ගන්න පුළුවන්” කියලා. ඒ දවස්වලත් අපි ඒ වගේ deep සිටුවේශන් එහෙක හිටියා. මං අද හරිම සතුටුයි අම්මි මේ වගේ තැනක ඉන්නවා දැක්කහම. සමහරවිට අම්මි හිතනවා මට මේ දේවල් මතක නෑ කියලා, මට අවුරුදු එකහමාරේ වගේ ඉඳලා ඇත්තටම මට මේ හැම එකක්ම එකක් නෑර මතකයි….”

image 220

ඒ වගේම ඇය සදහන් කරා අම්මත් එක්ක ගාල්ලේ පාරේ හිටපු දවස් තිබුණාලු වාහනයක්වත් නැතිව ගමන් බිමන් යන්න.

image 222

රොෂානගේ ආදරණීය දියණිය එක්තරා වැඩසටහනකට අම්මත් එක්ක ඇවිල්ලා ඇය ඉස්සරහම මේ සංවේදී අතීතය පිළිබඳව ඇයව හඬවමින් අදහස ඉදිරිපත් කළේ ඒ විදිහටයි.

image 219