උණුසුම් පුවත්
Search
Untitled design 7

” රසිකයෙක් හිටියා එයා මාසයක් රැකියාව කරලා ඒ හම්බෙන පඩිය වියදම් කරලා අපේ ගේ ඉස්සරහ හිටියා ” – සචිනි අයේන්ද්‍රා

302

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්. 2003 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කළ ඇය ඉන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් වර්ල්ඩ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වුණා. ආදරණීය වස්සානය සිනමාපටය ඔස්සේ කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනා ගත් ඇය ඉන් පසුව බොහෝ ටෙලි නාට්‍ය වලටත් සිනමා නිර්මාණ තුළටත් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඇය රංගනයෙන් දායක වූ ආදරණීය වස්සානය චිත්‍රපටයට 2004 වසරේදී හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගැනීමටත් ඇයට හැකියාව ලැබුනේ ඇයගේ වූ තාත්වික රංගන හැකියාව නිසාමයි.

295531552 671536470997352 1297091719627388275 n

ඉතිං මේ වන විට විවාහ වී ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඇය මේ වන විට ආදරණිය මවක් ද වනවා. ඉතින් කොච්චර වයසට ගියත් තරුණ පෙනුමකට හිමිකම් කියන ඇය සිය සුන්දරත්වයේ රහස පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ මෙවන් දෙයක්.

309653922 715166253301040 8346979398763748990 n

” මම ගොඩක්ම කෑම වලින් තමයි මගේ සුන්දරත්වය පවත්වාගෙන යන්නේ, දැන් මම එක වේලක් විතරයි බත් කන්නේ අනිත් වෙලාවල් වලට පෝෂණ ගුණයෙන් බහුල ආහාර විතරයි ගන්නේ. මම දැන් අවුරුදු 8ක් විතර ඉඳලා කෑම පාලනය කරනවා. සමහර අය මම දැකලා තියෙනවා නොකා නොබී ඉන්නවා එකේම කරන්න ඕන නෑ හරි විදියට කාලා නිවැරදිව ව්‍යායාම කලානම් ඇති. “

ඒ වගේම තමයි සචිනි කියලා කියන්නේ රසික ආකර්ෂණය වැඩිපුරම දිනාගත් රුවැත්තියක්. ඉතින් ඒ ගැන ඇය කියා සිටින්නේ මේ වගේ දෙයක්.

139279670 303244844493185 2399045507125072995 n

” එක රසිකයෙක් හිටියා එයා මාසයක් රැකියාව කරලා ඒ හම්බෙන පඩිය වියදම් කරලා මාසයක් විතර වාහනයක අපේ ගේ ඉස්සරහ ඉන්නවා. මගේ ගොඩක් රසිකයො මට ගොඩක් කිට්ටු වෙන්න හදනවා. ඔවුන් බලාපොරොත්තු වෙන තරමටම මට ඒ දේ දෙන්න බෑ. තවත් දවසක් මගේ රසිකයෙක් මම ටීවී program එකකට ගිහින් එනකොට බදුල්ලෙ ඉදලා ඇවිත් බයිසිකලේක චැනල් එක ලග ඉවරවෙනකම් ඉදලා මාව ෆලෝ කරගෙන ගෙදරට ඇවිත් මම gate එක ඉස්සරහින් බහිනකොට සචිනි කියාගෙන කෑ ගැහුවා. මම හොදටම බය වුණා. ඊට පස්සේ කිව්වා මගේ ෆෝන් නම්බර් එක දෙනකම් යන්නෙ නෑ කියලා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

C4PZTEpWEAE6D7d