උණුසුම් පුවත්
Search
sandani

”අමුතුවෙන් සරාගී වෙන්න දෙයක් නෑ” – සඳනි ප්‍රනාන්දු

173

තරුණ පරම්පරාව අතර වැඩිපුර ආකර්ක්‍ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ. මාසයක් පුරා සඳනි ඇගේ පෙම්වතා වන ගායන ශිල්පී පියත් රාජපක්ෂ සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කරපු සංචාරයකින් පස්සෙ ආපහු ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නවා. මෙල්බන් සංචාරය ගැන වගේම ඇගේ අලුත්ම විස්තර දැනගන්න අපි හිතුවා සඳනි එක්ක කතා කරන්න.

කොහොමද මෙල්බන් සංචාරය…

මෙල්බන් සංචාරය ඇත්තටම හොඳයි. ප්‍රසංග කීපයකට සහභාගි වෙන්නයි පියතුයි, මමයි ගියේ. ප්‍රසංග වලින් පස්සෙ මෙල්බන්වල ලස්සන බලන්න අපි තැනින් තැන ඇවිද්දා.

පියත්ට වගේ ඔබටත් සින්දු කියන්න පුළුවන්ද?

සින්දු කියන්න පුළුවන්. හැබැයි ඉතින් පියත් සුපර් ස්ටාර් ගායකයෙක්නෙ. එයා තරම් දක්ෂ විදිහට මට සින්දු කියන්න බැහැ. හෙමින් හෙමින් පුරුදු වෙවී සින්දු කියනවා.

හොඳට රැප් කරන්න පුළුවන් කියලා ආරංචියි?

ඔව්. සින්දු කියනවට වඩා රැප් කරන්න ගොඩක් ආසයි. ආසාව තියන නිසා නිතරම රැප් පුරුදු වෙනවා.

May be an image of 1 person and smiling

පියත්ව පෙම්වතා කරගන්න හිතුවෙ ඇයි?

මම මියුසික්වලට ආස කෙනෙක්. මගේ පවුලෙ අයත් මියුසික් එක්ක ගොඩක් සමීපව වැඩකටයුතු කරනවා. පුංචි කාලෙ ඉඳලා මියුසික් අහන දකින කෙනෙක් නිසා මට පියත්ව දැක්කාම හිතුණා ඔහු වගේ ගායන ශිල්පියෙක් මගේ ජීවිතයට ගැළපෙනවා කියලා. ඒ වගේම පියත් කියන්නෙ හරිම නිහතමානී අවංක කෙනෙක්. ඒ දේවල් නිසා තමයි පියත්ව මගේ පෙම්වතා කරගන්න හිතුවෙ.

ළඟදි විවාහ වෙන්න අදහසක් නැද්ද?

අපි දෙන්නටම තව වැඩ කොටසක් තියනවා මේ විදිහට නිදහසේ ඉඳගෙන කරන්න. ඒ දේවලුත් ඉටුකරගෙන තව ටික කාලයක් ගියාට පස්සෙ විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා.

May be an image of 1 person and motorcycle

විවාහ වුණාට පස්සෙ දිගටම රඟපානවද?

විවාහ වුණාට පස්සෙ රංගනයෙන් ඈත්වෙන්න මගේ අදහසක් නැහැ. පියත් මාව හොඳට තේරුම් අරන් කටයුතු කරන කෙනෙක්. මගේ හැමදේකටම ඔහු හොඳ සහයෝගයක් දෙනවා. ඒ නිසා විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඈත්වෙන්න කියලා පියත් කියන්න එකක් නැහැ කියලා මම දන්නවා.

May be an image of 1 person and activewear

තරුණයන්ගෙන් ලැබෙන ආකර්ෂණය ගැන මොකද හිතන්නෙ?

තරුණයන්ගෙන් ගොඩක් ලොකු ආකර්ෂණයක් වගේම ආදරයක් මට ලැබෙනවා. තරුණයන්ගෙන් ඒ විදිහට ආදරය ලැබෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. මම හිතනවා රසිකයන්ගෙන් ඒ විදිහෙ ආදරයක් ලැබෙන්නෙ වාසනාවට කියලා. ඔවුන්ගෙන් ලැබෙන ඒ ආදරයට මමත් ගොඩක් ආදරෙයි. ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මගෙත් එක්ක හැමදාම ඉඳගෙන මගේ ගමනට ශක්තියක් වෙනවට.

තරුණයන්ගෙන් ලැබෙන ආකර්ෂණය ගැන පියත්ට ඉරිසියාවක් හිතෙන්නෙ නැද්ද?

කවදාවත් නැහැ. ඔහුට සතුටුයි මම රසිකයන්ගේ ආදරය මැද ලබන සාර්ථකත්වය ගැන. මට වගේම පියත්ටත් තරුණියන්ගේ ආදරය ලැබෙනවා. අපි දෙන්නා අපි දෙන්නගේ සාර්ථකත්වය දිහා බලලා සතුටු වෙනවා මිසක කවදාවත් එකිනෙකාට ඉරිසියා කරගන්නෙවත් රණ්ඩු කරගන්නෙවත් නැහැ.

No photo description available.

කොහොමද සිරුර ලස්සනට තියාගෙන ඉන්නෙ?

කෑමබීම අඩුවෙන් අරගෙන ව්‍යායාම කරන එක තමයි ඇඟ ලස්සනට තියාගන්න මම කරන්නෙ. හැබැයි පහුගිය කාලෙ තිබුණ වැඩත් එක්ක ඇඟ ගැන හිතන්න කාලය මදිවුණා. ඒ නිසා හිටියට වැඩිය ටිකක් විතර ඇඟ මහත්වෙලා තියනවා. මේ දවස්වල මම වැඩිපුර උත්සාහ කරන්නෙ ඇඟ තිබුණ ගානට අඩුකරගන්න.

ශරීරය පවත්වාගෙන යන්නෙ සරාගී විදිහටද?

මේ මට උපතින් ලැබිලා තියන ශරීරය. අම්මා තාත්තගේ ජාන වලින් ස්වභාවිකව මට ලැබිලා තියෙන ශරීරය ගැන මම සියයට සීයක්ම තෘප්තිමත් වෙනවා. ඒ විදිහට ස්වභාවිකව ලස්සනට ලැබිලා තියෙන ඇඟ කැතවෙන්න දෙන්නෙ නැතුව ව්‍යායාම කරලා වැඩිය කෑමබීම ගන්නෙ නැතුව හදන එක විතරයි මම කරන්නෙ. ඒ ඇරුණාම සරාගී වෙන්න ඕන කියන අදහසින් ඇඟ හදන්න විශේෂ මුකුත් කරන්නෙ නැහැ. මට එහෙම අමුතුවෙන් සරාගී වෙන්න අවශ්‍යතාවකුත් නැහැ. ස්වභාවිකව මට ලැබිලා තියෙන ඇඟ ගැන මම සතුටු වෙනවා.

No photo description available.

ඒ වුණාට සෑහෙන්න ප්‍රතිචාර එනවා නේද සරාගී කියලා…

ප්‍රතිචාර නම් ගොඩක් එනවා සරාගී කියලා. මම සාමාන්‍යය විදිහට පවත්වාගෙන යන ඇඟ පිට ඉඳලා බලන සමහර අයට සරාගී විදිහට පේනවා ඇති. ඒක ඉතින් එක එක්කෙනා දකින විදිහ. කොහොම වුණත් මම ඒ ලැබෙන ප්‍රතිචාර හැම එකක්ම සතුටින් බාරගන්නවා.

ඉදිරියේදි දකින්න පුළුවන් නිර්මාණ…

අලුත් ටෙලි නාට්‍ය හතරක රඟපෑවා. ඉදිරියේදි රසිකයන්ට ඒවා බලන්න පුළුවන් වෙයි. ඊට අමතරව අරුණ ජයවර්ධන නිර්මාණය කරපු 1970 love story කියන සිනමාපටයේ මම රංගනයෙන් දායක වුණා. ඒ තමයි මම රඟපාපු පළමුවැනි චිත්‍රපටය…

No photo description available.