සශිකා නිසංසලා කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ කාටත් අමතක නොවන නාමයක් රැන්දු කෙනෙක්.
තුරුණු ශක්ති වේදිකාවට ගොඩවීමත් සමඟයි ඇයගේ සංගීත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලුණේ.
එදා ඉදන් අද වෙනකන් ඇයව බොහෝදෙනා හඳුන්වන්නේ ”හදවතේ ගායිකාව” නමින්.

සශිකා ගයන හැම ගීතයක්ම පාහේ ජනප්‍රිය වෙනවා වගේම එය රසිකයන් ආදරයෙන් වැළඳගන්නවා.

විශාරදවරියක් වන සශිකා කලා ක්ෂේත්‍රයේ බොහෝ සුළු පිරිසක් වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියටත් කාගේත් ආදරය දිනාගන්නට සමත් වූ කෙනෙක්.

ඇයට පුතුන් දෙදෙනෙකු සිටින අතර මේ වන විට ඔවුන් පාසල් අධ්‍යාපනය හදාරනවා.
පසුගිය දිනෙක සශිකා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පවුලේ අය එක්ක ඡායාරූපයක් පල කරලා තිබුණා.

සශිකා, මෑතක කළ පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ පවුල තරම් ඇයට වටිනා සම්පතක් වෙන නොමැති බවයි.
පවුල වෙනුවෙන් තමන්ට හැකි සෑම දෙයක්ම ඉටු කරන බවත් ඇය එහිදී කියා සිටියා.
