උණුසුම් පුවත්
Search
nathasha

”හැම වෙලේම එකට ඉන්න ඕන කියලා එකක් නෑනේ” – කටකතා වලට නතාෂා උත්තර දෙයි

1676

නතාෂා පෙරේරා කියූ සැණින් අපේ මතකයට එන ගීතයක් තමයි ”සුළගක් වී මන් එනවා දුර අහසේ ඇවිදින්නට….” ගීතය.

ළමා රංගන ශිල්පිනියක් වශයෙන් කලාවට පිවිසිලා ගායනයට නර්තනයට සහ රංගනයටත් එක ලෙසින් දස්කම් දක්වන නතාෂා දැන් නම් වැඩිය කලා නිර්මාණ ඔස්සේ දකින්න ලැබෙන්නේ නැති තරම්.

මේ සියල්ල අතරේ නීතිඥවරියක ලෙසත් වෘත්තිමය වශයෙන් කටයුතු කරන නතාෂා විවාහ වෙන්නේ අපේ රටේ ප්‍රකට ගායකයෙක් වුණු ප්‍රිහාන් සමඟයි.

image 246

විවාහ දිවියට පිවිසිලා වසර ගණනක් වුණත් ඔවුන් වැඩි වශයෙන් ජීවත්වුණේ විදෙස්ගතවයි.

image 252

නව නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුනත් නතාෂා පුවත්පත් සහ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ නම් අපිට දැකගන්න පුළුවන්. එවැනි අවස්ථාවකට එක්වෙමින් ඇය දැක්වූ අදහස් තමයි මේ….

”ලඟදිනම් අලුත් නිර්මාණයක් කරන්න හැකිවුණේ නැහැ. වැඩිපුරම හිටියේ ඔස්ට්‍රේලියාවෙනේ…. ලංකාවටත් ඇවිල්ලා යන්න එනවා. වැඩ කිහිපයක් කරන්නත් හිතාගෙන හිටියා.

image 253

කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒ හැම දෙයක්ම පස්සට ගියා. නමුත් ඉතින් අදටත් මගේ නම කිව්වම මට ආදරේ කරන පිරිසක් ඉන්නවා…. හිතාගන්නවත් බැහැ පුංචි කාලේ ඉඳලා ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ එහෙමම තවමත් තියනවා….”

image 247

හැමදාමත් ලස්සනට ඉන්න නතාෂා එන්න එන්න වෙනස් වෙන හැටි ගැනත් මේ විදියට කිව්වා…

”කවුරුත් විශ්වාස කරන්නේ නැහැනේ මම මේක කිව්වට…. අද වෙනකල් කිසිම කෘතීම දෙයක් මගේ සමට මං පාවිච්චි කරලා නෑ. නමුත් ගොඩක් අය කියන්නේ ඉන්ජේක්ෂණ පාවිච්චි කරලා කියලානේ…..

image 248

අවුවේ ගියාම මට හරිම අපහසුයි, මේ නිසා මං හැමදේටම කලින් සම ගැන හිතුවා. ඔක්කොම කලේ ස්වභාවික දේවල් විතරයි…. කහ සුදු හඳුන් වගේ දේවල් තමයි මම දැනටත් නිතරම මුහුණට පාවිච්චි කරන්නේ….”

image 249

ඒ ගැන තවදුරටත් ඇය මෙහෙම කිව්වා…

”ඔය වගේ විවිධ කටකතා මං ගැන පතුරවලා තියනවා….. කාලයක් කිව්වා මම දික්කසාද වෙලයි ඉන්නේ කියලා. එදා අන්දපු වෙඩින් සාරි එක තාමත් මගේ ළඟ තියනවා…..

image 251

සාරි එක හදන්න විතරක් ලක්ෂ 10ක් ඒ කියන්නේ මිලියනයක් වියදම් වුනා. බරින් ගත්තොත් කිලෝ පහලවක් වගෙයි. ඩයමන්ඩ් එක්ක මහලා තිබුණු සාරියක්, උවමනා විදියට හදාගන්න දෙපාරක් ඉන්දියාවට යැව්වා…. මගේ අතින් වියදම් වුණේ නෑ… එකේ නම් ක්‍රෙඩිට් ඔක්කොම හිමිවෙන්නේ රුපලවන්ය ශිල්පිනියටයි.

image 254

ප්‍රිහාන් මගේ සැමියා ඕස්ට්‍රේලියාවේ බිස්නස් එකක් කරනවා…. හැමවෙලේම එකට ඉන්න ඕනත් නෑනේ. ඉතින් අපි දෙන්නා නිදහසේ කාලය ගතකරනවා….”

image 250



Leave a Reply

Your email address will not be published. Required fields are marked *