උණුසුම් පුවත්
Search
narmada

”ජීවිතේ කිසිම තැනක පසුතැවිල්ලක් නෑ, මාව අත්හැර දැමූ මිනිස්සුන්ට ණයගැතියි” – නර්මදා හදිසියේම ඇවිත් කියූ කතාව

10076

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ ”මිස් ශ්‍රී ලංකා”කිරුළු දරා පසුව නිරූපණ ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාව සටහන් කළ දක්ෂ කාන්තාවක්. මේ වනවිට නිරූපන ශිල්පිනියක් හැටියටත්, විනිශ්යවරියක ලෙසත් වගේම නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනවා. නර්මදා කියන්නේ පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක්.

May be an image of 1 person, standing, wrist watch, indoor and text that says 'MISS GLOBE SRI LANKA 2023 NEXUS'

කොහොම නමුත් පෞද්ගලික ජීවිතය තුළ නම් ඇය විවාහ දෙකකටම සමු දුන් කාන්තාවක් බව නොරහසක්. ඒ විවාහ දෙකෙන්ම ඇයට සිටින්නේ පුතුන් දෙදෙනෙකුයි. එපමණක් නොව මේ වන විටත් ඇය යළිත් වරක් පෙම්වතියක් බව ප්‍රකට කරුණක්.

May be an image of 2 people, people standing and indoor

නර්මදා පසුගිය දා ඇගේ ෆේස්බුක් ගිණුමේ ජීවිතේ ගැන අපූරු සටහනක් ලියා පළ කරලා තිබුණා. ඇය නොසැලී නොවැටී ජීවිතය ඉදිරියට යන ආකාරය එම සටහනේ ඇතුළත්. මේ තියෙන්නේ ඇය ලියූ ඒ සටහනයි…

May be a closeup of 1 person and wrist watch

”අපි කවුරුත් ජීවිතේ හැම පැත්තකින්ම 100%ක් සාර්ථක වෙන්නේ නෑ. එහෙම වෙන්න හම්බෙන්නෙ කලාතුරකින්. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන හැම එකකින්ම්ම දිනන්න ඕන කියන මානසිකත්වයකින් දඟල දඟල ඉන්නවට වඩා , අපි සාර්ථක අපිට පුළුවන් අපිට කැපකිරීම් කරන්න පුළුවන් පාරවල් තෝරගන්න එක.ජිවිතේ කිසිම තැනක පසුතැවිල්ලක් නැ ..මගේ රත්තරන් කොල්ලෝ දෙන්නා මගේ මුලු ජිවිතයම හින්දා
මා අත් හැර දැමූ මිනිස්සුන්ට ණයගැති වෙමි 🙏🏻 ”

May be an image of 2 people and indoor