උණුසුම් පුවත්
Search
600

”තවත් ලංකාවේ ඉඳලා අපේ දරුවන්ට අනාගතයක් නෑ” – මහේෂි මධුශංකා

1686

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියලා කියන්නේ. ඉතින් ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ ‘ජීවිතය ලස්සනයි’ සිනමා නිර්මාණය හරහායි. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘මැස්සා’ ටෙලි නාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

image 167

කොහොම නමුත් දැන් අපේ රටේ තියෙන තත්වයත් එක්ක වෘත්තීය රංගන ශිල්පිනියකට ඒ ලැබෙන පඩියත් එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි කියලයි ඇය නම් කියන්නේ. ඉතින් අපේ රටේ හැම දෙයක්ම ඉතා අධික මුදලකට ගන්න වෙලා තියෙන නිසා හරිම අමාරු වුනත් ඇය විවාහක නිසා යම් තරමකට බැලන්ස් කරගැනීමේ හැකියාව තිබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට ලැබුණු නිර්මාණ ඒකාකාරි වගේ නිසාම ප්‍රේක්ෂකයන් ඇයව දකින්න කැමති මොන විධියටද කියලා ඇය දන්නේ නැහැලු. ඉතින් ඇයට හිතෙනවාලු වෙලාවකට මීට වඩා දෙයක් ඇයට කරන්න තිබුණා නේද කියලා.

image 166

කොහොම නමුත් කලාව කියන්නේ ඉතාමත් ගෞරවනීය වෘත්තියක් නිසා හරියට කළොත් මුදලට ගත නොහැකි ගොඩක් දේවල් මේ තුළින් ලැබෙනවා කියලත් මහේෂි කියනවා. ඒ වගේම ඇයගේ මහත්තයා තමයි සම්පත්, ඔහු වෘත්තියෙන් ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ සේවය කරනවා. ඉතින් දුව චෙනුලි, පුතා තෙනුල් සහ ඇයගේ අම්මත් ඉන්නේ ඇයත් එක්ක. ඉතින් දරු සුරතල් හොඳින් බලමින් ගෙවෙන සුන්දර විදිහට කාලය ගෙවනවා කියලත් ඇය කියනවා.

image 165

ඒ වගේම අද වෙද්දී ඩිවෝස් කියන්නේ ගොඩාක් දෙනෙක් කතා කරන මාතෘකාවක් වුනත් ඇයට ඇයව තේරුම් ගත්තු හොඳ සැමියෙක් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම ඇය රංගන ශිල්පීන්ට ආදරය කළේ නැහැ කියලත් ඇය කියනවා. මොකද නළුවෙක්ට කැමැත්තක් ඇති වුණත් ඇය, ඇය තුළින්ම ඒක අයින් කර ගත්ත නිසා. ඒ වගේම ඇයගේ මහත්තයා ඇයට හොඳ යාළුවෙක් වගේම උගත් බුද්ධිමත් ඉතාම ගුණ යහපත් කෙනෙක් කියලත් ඇය කියනවා.

image 164

ඉතින් ඒ නිසා ඇයට වෙනත් ආදරයක් හෝ වෙනත් කෙනෙක් ගැන මොහොතකටවත් හිතන්න ඕනෑකමක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඉදිරියේදී හොඳ රටකට යන්න තමයිලු ඇය බලන්නේ. මොකද මේ රටේ ඉඳලා දරුවන්ට අනාගතයක් නැති නිසා. ඒත් ඇයගේ මහත්තයා කැමැති නැහැලු මේ රට දාලා යන්න. ඉතින් හොඳ තීරණයක් ඉදිරියේදී ගන්න හිතාගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

image 163