උණුසුම් පුවත්
Search
66

”විවාහ වෙන දවස ගැන තවම තීරණයක් නෑ” – කූඹියෝ 02 කරන්න සූදානමින් ඉන්න යුරේනි

421

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම හඬකැවීම් ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඉතින් දක්ෂතා රැසකින් පරිපූර්ණ ඇය ගැන නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න සමත් වුණ යුරේනි ඉදිරියේදි තිරගත වන ගජමෑන් චිත්‍රපටයට ඇය හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා.

image 57

ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා පුවත්පත්වල පළකරපු ගජමෑන් කාටුන් අනුසාරයෙන් නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් වන චානක පෙරේරා නිර්මාණය කරපු ප්‍රහසන චිත්‍රපටයක් තමයි ගජමෑන් කියන්නෙ. ඒ ඇගේම ගජමෑන් තරුණ, බාල, මහලු කාටත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කියලයි යුරේනි නම් කියන්නේ.

image 61

ඉතින් ඇය හඬකවන්නේ එම චිත්‍රපටයේ ප්‍රීති කියන තරුණියගේ චරිතයට. ඒ වගේම ප්‍රීති කියන්නේ බටහිර පන්නයට අඳින පළඳින, ඉංග්‍රීසි ටිකක් පොෂ් විදිහට කතා කරන, ගමේ දේවල් හරි ගොඩේ කියලා හිතන, කොල්ලන්ව ආදරයෙන් රවට්ටලා අල්ලෙ නටවන තරුණියක් කියලත් ඇය කියනවා. ඒ වගේම වසර කීපයකට කලින් තමයි ගජමෑන් චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කරලා තිබුණේ. නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා තිරගත කිරීම කල්දාන්න සිද්ධ වුණා කියලයි යුරේනි කියන්නේ.

image 58

ඒ වගේම කූඹියෝ දෙවැනි කොටස නිර්මාණය කරනවා කියලා එහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ඇයට පැවසුවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ දවස්වල ඔහු චිත්‍රපටයකට කාර්යබහුල වෙලා ඉන්න නිසා ඒ චිත්‍රපටයේ වැඩ අවසන් වුණහම ගොඩක් දුරට කූඹියෝ දෙවැන්න රූගතකිරීම් ආරම්භ කරයි කියලයි ඇය කියන්නේ.

image 59

ඒ වගේම ඇය අහවල් පුද්ගලයා සමග මේ දවසේ විවාහ වෙනවා කියලා නම් තාම තීරණයකට ඇවිත් නැහැ කියලත් යුරේනි කියනවා. මොකද ඇයට තාම විවාහ වෙන්න සහකරුවෙක් නැති නිසා. ඉතින් ඒකෙ තේරුම ඇය විවාහ නොවී හැමදාම තනිකඩව ඉන්නවා කියන එක නෙමෙයිලු. කවදාහරි හොඳ කෙනෙක් ලැබුණ දාට විවාහ වෙනවා කියලයි යුරේනි අවසාන වශයෙන් පැවසුවේ.

image 60