උණුසුම් පුවත්
Search
lahiru mudalige

”අපි දෙන්නා අතරේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා” – ලහිරු මුදලිගේ

1776

රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රය තුල බ්‍රෑන්ඩ් එකක් ගොඩනගා ගෙන ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඉතින් ඒ අතරින් ඉහලින්ම ඉන්න චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ. මේ දිනවල යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන නිසා ලහිරු හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. මේ කතාබහ ලහිරු මුදලිගේ සමඟ කළ සාකච්ඡාවකිනි.

image 337

ලහිරු මුදලිගේ නිවේදන කලාවට පිවිසිලා මේ වෙද්දී වසර විස්සකට වැඩියි, ඉතින් ලහිරු අපිට කියන්නකෝ කොහොමද මේ ගමන පටන් ගත්තේ ?

”මම මේ ක්‍ෂේත්‍රයට මුලින්ම එන්නේ ළමා නිවේදකයෙක් විදියට, ඒ මම පස්වෙනි ශ්‍රේණියේ ඉගන ගන්න කාලේ ඉඳලමයි… රැකියාවක් විදියට මම නිවේදන ක්‍ෂේත්‍රය තෝරාගන්නේ 2002 වර්ශයෙදී උසස්පෙළ ඉවර කරපු ගමන්මයි. මම රජ FM එකේ මාස අටක් විතර සේවය කළා, හැබැයි ඒ කාලේ ඉඳලම මගේ ඉලක්කය වුනේ රූපවාහිනිය, ඒ කාලයේ තමයි මට හේම නලින් කරුණාරත්න මහත්මයා හඳුනාගන්න ලැබෙන්නේ. එතුමාගේ ගුරුහරුකම් නිසා 2002 වසරේදීම මම ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබෙනවා…. මම ඒ නාලිකාවෙන් ඉවත් වෙන්නේ 2017 වසරේදී…. මම නිවේදකයෙක් විදියට සම්බන්ද වෙලා ප්‍රවර්ධන කළමනාකරු විදියට ඒ නාලිකාවෙන් ඉවත්වෙන්න ලැබුන එක මට ලොකු සතුටක්….”

image 338

ලහිරු ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය හරි ටීවී නාලිකාව නේද..?

”නැහැ…. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තමයි ස්වර්ණවාහිනී නාලිකාව…. මම එතන අවුරුදු 14ක් සේවය කළා, ඒ කාලේ අද වගේ නෙවෙයි, මාධ්‍යයේ දැවන්තයින්ගේ ඇසුර අපිට ලැබුනා…. ඒ ඇසුරෙන් පවා අපිට ඉගන ගන්න දේවල් තිබ්බා, ඒ පලපුරුද්ද වගේම ජනතා ප්‍රසාදය ලැබුනේ ස්වර්ණවාහිනිය නිසා, ඒ නිසා තමයි මට මගේ ගමනක් යන්න පුළුවන් වුනේ….”

image 334

මාධ්‍ය ජීවිතේ කියන්නේ සාමාන්‍ය රැකියාවක් වගේ නෙවෙයි, ඉතින් කොහොමද මේ රැකියාව එක්ක පවුල් ජීවිතේ සමබරව කරගෙන යන්නේ?

”මගේ ආදරණීය බිරිඳ සඳුනි ද සිල්වා… අපිට පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුංචි පුතා ඉමෝන් ලාහිරු…. වෙන රැකියාවක වගේ මේ රැකියාවේ අටට ගිහින් පහට ගෙදර එන්න බෑ, සමහර වැඩ ඉවර වෙද්දී පාන්දර එක විතර වෙනවා…. මේක ක්‍රියේටිව් විෂයක්, ඒ වගේ විෂයක රැකියාව කරන්න මානසික නිදහස ඕන, ඒ නිදහස මගේ බිරිඳගෙන් ලැබෙනවා….

image 336

හැමදේම බැලන්ස් කරන අපි සතුටින් ඉන්නවා, පවුල් ජීවිතේදී අපි අතර පොඩි පොඩි ගැටුම් ඇතිවෙනවා. හැබැයි ඇය දන්නවා මගේ රැකියාව ගැන, ඉතින් අපි ඒ දේවල් හෙමින් විසඳගෙන ආදරෙන් ඉන්නවා…”

image 335
image 339