උදයන්ති කුලතුංග කියන්නේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඉතාමත්ම දක්ෂ රූමත් රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ පාහේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.ඒ අතර සංසාරන්‍ය අසබඩ,කැලෑ හඳ,සිහින සමාගම ආදී ටෙලි නාට්‍ය සුවිශේෂී වනවා. පුංචි තිරයේ ටෙලි නාට්‍යය තුල පමණක් නොව රිදී තිරයේ සිනමාපට ඔස්සේ ද අපට ඇගේ රංගන හැකියාව දැකගන්නට පුළුවන්. කාලයක් ඇයව නිර්මාණ තුළින් දැකගත නොහැකි වුවත් ඉන්පසු රංගනයෙන් දායක වූ නිර්මාණ සියල්ලටම ඇය සාධාරණයක් ඉටු කරමින් දක්ෂ ලෙස රසිකයින් ඇද බැද තබා ගැනීමට සමත් වුණා.

ඇය පිළිබඳව වැඩි වශයෙන්ම කතාබහට ලක්වන්නේ ඇයගේ විවාහය නිසා ය. ඇය විවාහ වන්නේ නීතිඥ වරයෙකු සමග වන අතර මේ වන විට ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් විවාහ ජීවිතයක් ඔවුන් ගත ගත කරමින් සිටිනවා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළ දී ඇගේ විවාහ ජීවිතය පිළිබඳව නවතම තොරතුරු රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

මුලින්ම කියන්න ඕනේ මගේ ජීවිතයට මේ වගේ සහකරුවෙකු ලැබීම මගේ පෙර වාසනාවක්. ඔහු මාව හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඔහු නීතිඥවරයෙක් නිසා ගොඩක් කාර්යබහුල කෙනෙක්. නමුත් ඔහුගේ කාර්ය බහුලත්වයට කලාකාරිනියක් වශයෙන් මම ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම ඔහුව මට හම්බ වෙන්නේ මේ වසංගත කාලයේදී. ඒ මගේ හොඳම යාළුවෙකුගේ මාර්ගයෙන්. මගේ යාළුවගේ ගෙදර කෑමකට ගිය අවස්ථාවකදී තමයි ඔහුව මට මුණගැහෙන්නේ. මුලින්ම කතා බහ කරලා දැන හඳුනා ගෙන හොඳම යාලුවෝ උනාට පස්සේ තමයි අපි විවාහ වෙන්න තීරණය කළේ.

අපි මාස දෙකක් වගේ කාලයක් තමයි ආශ්‍රය කළේ. ඊට පස්සේ දෙන්නට දෙන්න කැමති නිසා වැඩිය කල් ගන් නැතුව විවාහ වෙමු කියලා එයා කිව්වා. මුලින් නම් මේ සම්බන්දෙට එයාලගේ ගෙදරින් කැමැති වුණේ නැහැ. නමුත් පසුකාලීනව එයාලගේ ආශිර්වාදය අපට ලැබුණා. මං උසස් පෙළ කළේ කවදහරි නීතීඥවරයෙකු වෙනවා කියන බලාපොරොත්තුවෙන්. ඒත් ඉතින් ඒක සිහිනයක් ම උනා. කොහොම වුණත් නීතිඥ සැමියෙකු ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපි හරිම ආදරෙන් තමයි ජීවත් වෙන්නේ. මං හිතන්නෙ කලා කරුවෙකු සහ නීතිඥවරයකු හොඳට ගැළපෙනවා කියලා.

එයා ඇත්තටම මම අතිශය කාර්යබහුල වෙලා රඟපානවට කැමැති නැහැ. ඒ නිසා හවසට ගෙදර එන්න පුලුවන් වෙන කොලඹ අවට තියෙන ඒවාට විතරයි මම රංගනයෙන් සහභාගි වන්නේ.
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් ඇයගේ විවාහ ජීවිතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
