උණුසුම් පුවත්
Search
denis

ලොව පළමුවැනි අභ්‍යවකාශ සංචාරකයා යළිත් වරක් සිය බිරිඳ සමඟ අභ්‍යවකාශගත වීමට සැරසෙයි

140

ලෝකයේ පළමුවැනි අභ්‍යවකාශ සංචාරකයා ලෙස සැලකෙන කෝටිපති ව්‍යාපාරික ඩෙනිස් ටිටෝ යළිත් වරක් අභ්‍යවකාශ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මීට පෙර ඔහු 2001 දී රුසියාවේ Soyuz රොකට්ටුවේ නැගී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය අතර, මෙවරදී ඔහු එලෝන් මස්ක්ගේ SpaceX ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක Starship රොකට්ටුවක් ආධාරයෙන් කක්ෂගතවීමට සැලසුම් කර තිබේ.

මෙම ගමනේදී ඔහු චන්ද්‍රයා වටා පියාසර කරනු ඇතැයි SpaceX සමාගම මගින් පසුගිය බදාදා අනාවරණය කෙරිණි.

මෙහිදී ටිටෝ සමග ඔහුගේ බිරිද වන අකිකෝද මෙම ගමනට සම්බන්ධ වන බව පැවසෙයි.

image 155

ඔවුන් රැගත් යානය චන්ද්‍රයාගේ සිට කිලෝමීටර් 200ක් ඉහළින් පියාසර කරනු ඇති බවත්, චන්ද්‍රයා මත ගොඩබස්සවීමක් සිදුනොවනු ඇති බවත් එම සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම සංචාරය සිදුකෙරෙන දිනය පිළිබදව මෙතෙක් අනාවරණය කර නැත.

මෙය SpaceX සමාගම් Starship මෙහෙයුම යටතේ චන්ද්‍රයා වටා සිදුකරන දෙවැනි වාණිජ සංචාරයද වෙයි. මේ අතර, 2001 වසරේ සිදුකළ සංචාරයත් සමග ඩෙනිස් ටිටෝ අභ්‍යවකාශ සංචාරයේ යෙදුණු ලොව පළමුවැන්නා ලෙසටද ඉතිහාසයට එක්විය.

ටිටෝ මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවෙයි.

එසේම මෙම ගමනත් සමග ඔහුගේ බිරිද Starship යානයක නැගී චන්ද්‍රයා වටා යන පළමු වැනි කාත්තාව බවට ඉතිහාසයට එක්වීමට නියමිතව තිබේ.

image 156