හැමදාම වගේ පුවත් මවන අපේ රටේ ප්‍රසිද්ධ කලා පවුලක් තමයි ”ප්‍රියසාද් පවුල” කියන්නේ.
ඉතින් හැමෝම දන්න මේ පවුලේ දියණියන් තිදෙනාම කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත කිව්වොත් හරියටම හරි.
ඒ අතරින් බාලම දියණිය තමයි මේ දවස් වල කාගේත් මාතෘකාව වෙලා තියෙන ශනුද්‍රි ප්‍රියසාද්.
අපේ රටේ නව පරපුරේ ගායකයෙක් වුණු දිනේෂ් ගමගේ සමඟ තමයි ඇය පෙමින් බැඳිලා ඉන්නේ කියන එකත් ප්‍රසිද්ධ රහසක්නේ.
ඉතින් ඊයේ දිනය ශනුද්‍රිට නම් හරි අපූරු දවසක්. මොකද ඊයේ ඇයගේ 26 වෙනි උපන්දිනය යෙදිලා තිබුණා.
ඒ වගේම ලක්ස් සම්මාන රාත්‍රියත් ඊයේ දිනයට තමයි යෙදිලා තිබුණේ. ඒ වගේම ඊයේ ඇය සම්මානයක් ද ලබනවා.
විශේෂ මතක ගොන්නක් එකතු කරමින් ඇය උපන්දිනය දවසේ ලබපු අපූරුම සම්මානය තමයි ”Derana Lux glamorous star” කියන්නේ.
ඒ නිසාම ඊයේ දවස ඇයට අති විශේෂ දවසක් කියලා තමයි ඇය සතුටින්ම කියන්නේ.