පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුවෙන් කුඩා ප්රමාණයේ රථවාහන වල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන 02ක මාර්ගය මෙලෙස ජලයෙන් යට වී ඇති අතර අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසටයි.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන්කිරීමට බලාපොරොත්තු වන රියදුරන්ට ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිත කිරීමේ අවස්ථාව පවතින බවත් ඔවුන් දන්වා සිටිනවා.
කෙසේ නමුත් දින කිහිපයක් අඛණ්ඩව මෙලෙස වර්ෂාව පැවතීම නිසා ප්රදේශ රැසක පහත්බිම් ජලයෙන් යටවී ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබෙනවා.