උණුසුම් පුවත්
Search
Kayleigh Fraser

අරගලයට සහාය දැක්වූ සුදු තරුණියගේ විසා අවලංගු කරයි

99

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇති බව ද සඳහන්.

ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ගාලුමුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා.

එසේම ජනපති සහ අගමැති ඉවත් කිරීම දක්වා ප්‍රබල වූ, දින 124ක් පුරා කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ජන අරගලයේ අරගලකරුවෝ ඊයේ (10 ) ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට සමු දී ඉන් ඉවත්ව තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා රට පුරා දහස් සංඛ්‍යාත පිරිසක් තමන් මුහුණ පා සිටි අනේක විද දුෂ්කරතාවන්ට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම ජන අරගලය ආරම්භ කෙරුණා.

යොහාන් භාසුර

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.