උණුසුම් පුවත්
Search

”ළමයි දෙන්නා තාත්තලාට බාර දීලා සැපේ ඉන්න තිබ්බා” – තෙල් පෝළිම් වල දවස ගෙවන නර්මදා

12148

නිවේදනයෙන් වගේම නිරූපනයෙනුත් දක්ෂතා දක්වන බොහෝ දෙනෙක් හඳුනන අපූරු චරිතයක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ. ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන ඇය මේ දිනවල විවිධ වැඩසටහන් හරහා දැකගන්න පුළුවන්. මේ කතාබහ උපුටා ගන්නේ නර්මදා සමඟ කළ සාකච්ඡාවකින්.

නර්මදා කොහොමද , මේ දවස්වල මොකද වෙන්නේ ?

”මේ දවස්වල ඉතින් නිවේදනය පැත්තෙන් වැඩ ටිකක් කරගෙන යනවා…. ඒ එක්කම ළමයි දෙන්නගේ වැඩ ගැන ටිකක් වැඩිපුර අවදානය යොමුකරගෙන ඉන්නවා, ඊට අමතර තෙල් පෝලිම් වල තමා ජීවිතේ….”

ලේසි නෑ නේද මේ දවස් වල සිංගල් අම්මා කෙනෙක් විදියට ළමයි දෙන්නෙක් උස්මහත් කරනවා කියන එක?

”මෙහෙමයි මම මගේ ජීවිතේ පටන් ගන්නේ ළමයි දෙන්නා එක්ක…. උදේ අවදි වෙන වෙලාවේ ඉඳලා මම කරන්නේ ඒ දෙන්නගේ වැඩ…. මගේ කාර්යබහුල ජීවිතෙයේ ප්‍රධානම තැන දීලා තියෙන්නේ මගේ ළමයි දෙන්නට…. මම මේ හැමදේම කරන්නේ ඒ අය වෙනුවෙන්, තනියම ළමයි දෙන්නෙක් හදාගෙන ඉන්නවා කියන එක අමාරු වැඩක් තමයි…. ඒත් ඒ මගේ රත්තරන් ළමයි දෙන්නා… මම ඕනෑම කැපකිරීමක් කරනවා ඒ දෙන්නා වෙනුවෙන්….”

තනියම ඉන්න ගැහැණිය අසරණයි කියල පිරිමි කියනවා, නර්මදා මොකද හිතන්නේ ඒ ගැන?

”මම එහෙම හිතන්නේ නෑ, මම හිතන දෙයක් තියෙනවා…. ඒ තමයි ගැහැණිය වුනාම ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඉන්න ඕන, ගැහැනියක් වුනා කියලා පිරිමි මත යැපෙන්න හොඳ නෑ…. මොකද කාන්තාවක් ආර්ථිකව ශක්තිමත් නම් කාටවත් ඔලුව නවන්න ඕන නෑ, මට කොහොමත් එක එක අයට ඔලුව නවාගෙන ඒ මත යැපෙන්න බෑ…. මම නිතරම ස්වාධීනව ඉන්න කැමති කෙනෙක්….”

අනාගතේ දරුවෝ දෙන්නා තාත්තා ගැන ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකද්ද?

”අපි පොඩි කාලේ වගේ නෙවෙයි දැන් හැදෙන ළමයි ගොඩක් බුද්ධිමත්… ඒ අය පොඩි පොඩි දේවල් හොඳින් තේරුම් ගන්නවා, දැන් එයාලා පොඩි කාලේ ඉඳන් මාව දැකලා ලොකු වෙනකොට එයාලා ජීවිතේ තේරුම් ගනීවි, ඉතින් මම හිතන්නේ නෑ එයාලට තාත්තා ගැන තේරුම් කරන්න ඕන වේවි කියලා, මොකද එයාලා දකිනවා අම්මා මහන්සි වෙන තරම…

එයාලා දකිනවා අම්මා එයාලා වෙනුවෙන් නිදි වරනවා, මට පුළුවන්කම තිබ්බා ළමයි දෙන්නා තාත්තලට බාර දීලා සැපට ඉන්න… හැබැයි මම එහෙම කලේ නෑ, නමුත් දරුවෝ දෙන්නාව මම ළඟ තියාගෙන හදාගන්නේ එයාලට මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් සහ එයාලා මං ළඟ ආරක්ෂිතයි කියලා හිතෙන නිසා….”




Leave a Reply

Your email address will not be published.