උණුසුම් පුවත්
Search
dulani

පානදුර හොටලේ දී චිත්‍රපට නිෂ්පාදක හා සිනමා නිළි ගුටි බැට කතාවේ ඇත්ත හෙළිවෙයි

18923

පසුගිය ජුලි මස 21 වන දින පානදුර සුඛෝපභෝගී හෝටලයක් අසලදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අතර ආරවුලක් ඇතිවුන සිද්ධිය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින්ද හෙළි කර තිබූ නමුත් ඒ කවුරුන්ද යන්න අනාවරණය වී තිබුනේ නැත.

මේ සම්බන්ධයෙන් පානදුර පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර එය තවම විභාගවෙමින් පවතී.

ආරවුල බේරාගැනීමට සිනමා නිළි දුලානි අනුරාධා සහ නම ප්‍රසිද්ධ නැති නවක චිත්‍රපට නිෂ්පාදකයෙකු පැමිණ තිබේ.

චිත්‍රපට නිෂ්පාදකවරයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයට මෙම නිළිය රංගනයෙන් දායක වී ඇති වූ හිතවත්කම මත ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර වසරක පමණ කාලයක් සම්බන්ධතාවය පවත්වා ලක්ෂ 75ක මිල අධික ඇදුම් පැලදුම් රත්තරං බඩු ආදිය ලබාදී ඇය වෙනුවෙන් ඔහු වියදම් කර ඇතැයි පොලිසියේදී අනාවරණය කර තිබේ.

No photo description available.

ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන අතරතුර තවත් පුද්ගලයෙක් සමඟද ඇසුරක් පවත්වා ඇතැයි චිත්‍රපට නිෂ්පාදකවරයාට දැනගන්න ලැබී ඇති අතර මේ ගැන ඇගෙන් විමසීමෙන් පසු ඔවුන් අතර බහින්බස්වීමක් සිදුව ඇත්තේ පානදුර හෝටලයකදීය. මෙම බහින්බස්වීම අවස්ථාවට හෝටලයේ කළමනාකරු හා නිළියගේ හිතවතියකද සම්බන්ධව ඇත.
ඇති වූ කලබලය මැද නිළිය හා කළමනාකරු නිෂ්පාදකට පහරදී ඇතැයි පොලිස් පැමිණිල්ලේ දැක්වේ.

ගැටුම දුරදිග ගිය අවස්ථාවේ 119 හදිසි ඇමතුම් අංකයෙන් සිද්ධිය පොලිසියට දන්වා ඇත්තේ නිළිය බවද කියැවිණි. පැය කීපයක් යාමට මත්තෙන් පානදුර පොලීසිය එම හෝටල් පරිශ්‍රයට පැමිණ දෙපිරිසම පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ සිද්ධිය ගැන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද හෙලිකර තිබුණි.

ඊට පසු දිනයේදී පානදුර පොලීසිය විසින් මොවුන්ව සමථයකට කතා කර මුදා හැරතිබෙන නමුත් පොලිසියේ නැවත පෙනී සිටින්නට නියම කර තිබුණි. ඒ අනුව පසුගිය ඉරිදා (30) ද ඔවුන් නැවත පානදුර පොලිසියේ පෙනී සිට ඇතැයි වාර්තා විය.

පානදුර ශ්‍රී සුමංගල බාළිකා විද්‍යාලයේ ගුරුවරියකව සිටි දුලානි අනුරාධා විවාහවී සිටියේ නාවික හමුදාවේ ඉහළ නිලධාරියකු සමගිනි.

No photo description available.

ප්‍රේම සම්බන්ධය බිඳී යාමෙන් පසු චිත්‍රපට නිෂ්පාදකවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් වල නිළිය සමග පෙනී සිටි ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබේ.

Source – gossip lanka news