උණුසුම් පුවත්
Search
canada

කැනඩාවේ දී ශ්‍රී ලාංකිකයින් සය දෙනෙකුට අත් වූ ඛේදනීය ඉරණම

139

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථා කර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණි.

නැවතත් ඔහු ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් 06ක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ වුවද මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

Sri Lankan Family Murdered in Canada - Global Village Space

පුද්ගලයින් 5 දෙනෙකුගේ නම් සඳහන් කරමින් සැකකරුට අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ට කථා නොකරන ලෙසය.
ඉන් එක් අයෙකු වන්නේ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ය.

ඝාතනය සම්බන්ධයෙන් කැනඩාවේ ඉගෙනුම ලබමින් සිටි 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි. කැනඩා පොලිසිය පවසන්නනේ, සාහසිකයා මෙම සමූහ ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ, තියුණු ආයුධයක් බවය. චෝදනාවට ලක්ව සිටින තරුණයා ඝාතනයට ලක්වූ පවුල සමඟ එම නිවසේම ජීවත්ව සිටි බව සඳහන් ය.

බ්‍රහස්පතින්දා මාධ්‍ය අමතමින් ඔටාවා පොලිස් ප්‍රධානී, එරික් ස්ටබ්ස් පැවසුවේ 911 හදිසි දුරකථන අංකය ඔස්සේ බදාදා රාත්‍රී 10.52ට පමණ ඇමතුම් දෙකක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබුණි. ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මෙම ඝාතනය සිදුවීමට පෙර මෙම ශ්‍රී ලාංකික පවුල වෙතින් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බවය.

Sri Lankan family of six dead, including four children, at Barrhaven home; one person arrested - By: Upali Obeyesekere - Reporting from Toronto, Canada ( With files from Canadian Media Outlets) - eLanka

කැනඩා පොලීසියට අනුව මෙලෙස ඝාතනය වී ඇත්තේ 35 හැවිරිදි මව වන දර්ශණී දිලන්තිකා ඒකනායක, 07 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ යන ඇගේ දරුවන් 04 දෙනා සහ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නම් වික්‍රමසිංහ පවුලේ සමීපතමයෙක් බවයි.

දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දුන් පිරිසගේ පියා වන රෝහල්ගතව සිටින ධනුෂ්ක, වසර කිහිපයකට පෙර කැනඩාවට පැමිණ ඇති අයෙඉ. ඔහුගේ දරුවන් ඇතුළු බිරිඳ මෑතක දී කැනඩාවේ පදිංචියට ගිය පිරිසක් වන අතර කැනඩාවේ උපත ලබා ඇත්තේ මාස දෙකක් වයසැති බාලම දියණිය පමණි.

මිලියනයක පමණ ජනගහනයක් වෙසෙන ඔටාවා නුවර මෙවැනි සමූහ ඝාතන විරළ සිදුවීමක් ලෙස සැලකෙයි. කැනඩා බලධාරීන් පවසන්නේ, මෙය නූතන ඉතිහාසයේ අගනුවරින් වාර්තා වූ වැඩිම පිරිසක් එකවර ඝාතනය කෙරුණු දරුණුතම ඝාතනය මෙය බවය.

මෙම සමූහ ඝාතනය හෙළා දුටු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මියගිය ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය කනස්සල්ල පළකළේය.

මෙම ඝාතනය සිදුවීමට මුහුණ දුන් අවුරුදු 40ක වන පුද්ගලයා මෙම පවුලේ නෑයකු වන බවත් ඔහුගේ කුඩා දරු දෙදෙනා සහ බිරිඳ කොළඹ වාසය කරන බවත් වාර්තා වේ. මේ වන විට ඔවුන් ඔහුගේ දේහය එරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ.

Sri Lankan family dead in Canada 'mass killing'